ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අනිද්දා (30) එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබාගැනීමට නියමිතව ඇත.
ඒ අනුව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඒ මහතාට හිමි පක්ෂ සාමාජිකත්වය
ලබන 30 වැනි දා
පෙ.ව. 11.00ට සිරිකොත එජාප මූලස්ථානයේ දී පිරිනැමීමට නියමිතව තිබේ. ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට එජාපයේ කැලණිය ආසන සංවිධායක ධුරය හිමිවීමට නියමිත බව ද පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එමෙන්ම ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී සරත් ෆොන්සේකා මහතාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නියෝජිතයන් එජාපය යටතේ තරග වැදීමට නියමිතව ඇතැයි ද වාර්තා වේ.