කළුතර ප‍්‍රසිද්ධ බාලිකා පාසලක 6 වැනි වසරේ ඉගෙනුම ලබන 11 හැවිරිදි සිය දියණිය දිනපතා උදේ ප‍්‍රමාද වී අවදිවීම පිළිබඳව කෝපයට පත්ව දියණියට කොස්සකින් හා පොල්ලකින් අමානුෂිකව පහරදී පසුව දියණියගේ පාසල් පොත්වලටද භූමිතෙල් දමා ගිනි තැබූ දෙදරු මවක් දකුණු කළුතර පොලිසියෙන් අත්අඩංගුවට ගෙන
කළුතර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස කළුතර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් උදේෂ් රණතුංග මහතා නියෝග කළේය.


සැකකාරිය කළුතර ගමගොඩ රජවත්තේ පදිංචි 47 හැවිරිදි දෙදරු මවකි. ඇය ඇඟලූම් සේවිකාවකි. ඇගේ සැමියා යුද හමුදාවේ සාජන්වරයෙකි. අවුරුදු 11ක් වූ දියණිය දිනපතා අලූයම 5ට අවදි වී ආච්චිගේ නිවෙසට යායුතු බවත් මව එම වේලාවට ඇඟලූම් සේවයට පිටත්ව යන බවත් අලූයම අවදි නොවූ නිසා මවගේ පහර කෑමට ලක්වූ බවත් පැවසූ දැරිය කළුතර නාගොඩ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිට පසුගිය 21දා පිටව ගොස් ඇත. දැරිය මව සමඟ යෑම ප‍්‍රතික්ෂේප කළ නිසා ඇගේ ආච්චි භාරයට පත් කිරීමට මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

මතුගම - වසන්ත කුමාර