ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා අද(30) උදෑසන එජාපයේ සාමාජිකත්වය ලබාගත්තා.අගමැති රනිල් වික‍්‍රමසිංහගේ අතින් ඔහු එම සාමාජිකත්වය ලබාගන්නා අවස්ථාවේ කැලණියේ නව සංවිධායක ලෙසද ඔහුව පත් කරනු ලැබුවා.
ෆොන්සේකා මහතා පිහිටුවාගෙන තිබුණ
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය මේ අනුව
විසුරුවා ඇති අතර එහි සාමාජිකයින් එජාපයේ ලකුනින් මැතිවරණ වලදී තරග වදින්නට ඉදිරියට අවස්ථාව ලැබේ.
2010 ජනපතිවරණයේදී පොදු අපේක්ෂකයෙකු ලෙස එජාපය වෙනුවෙන් තරග වැදුනු හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා එවක මහින්ද රාජපක්ෂ තරගකරුවාට ප‍්‍රබල අභියේගයක් එල්ල කළේය. ඉන් පරාජයට පත්වූ පසු ෆොන්සේකා මහතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය පිහිටුවාගෙන කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරයෙකු ලෙස ජනතා මනාපයෙන් පාර්ලිමේන්තුවට පිවිසුණ නමුත් ටික දිනකින්ම ඔහුව සිරගත කෙරිණි. ඉන්පසු සිරෙන් නිදහස් වුවත් ඔහුට පාර්ලිමේන්තු එන්නට බැරි වන ලෙස ඔහු වෙනුවට පාර්ලිමේන්තුවේ සිටි ජයන්ත කැටගොඩ මන්ත‍්‍රීවරයා වෙනස්කම් කළේය.
අවසානයේ පසුගිය මහමැතිවරණයට යළි තරගවැදුණත් එම පක්ෂයට කිසිදු ආසනයක් ජයගත නොහැකිවූ අතර ෆොන්සේකා මහතා පසුගියදා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය ලැබුවේ එම පක්ෂය සමග එජාපය ඇතිකරගත් ගිවිසුමකින් පසුය.