කෝට්ටේ සුභද්‍රාරාම විහාරස්ථානයේ බුදුපිළිම දෙකක්, කරඬුවක් හා පුන්කලස් දෙකක් සොරකම් කළ තලපත්පිටියේ පදිංචි ව්‍යාපාරිකයකුගේ 35 හැවිරිදි බිරිඳක් වැලිකඩ පොලිසිය ඊයේ (26) අත්අඩංගුවට ගෙන ඇත.
බෝධි පූජා හා විහාරස්ථානයේ
වන්දනා කටයුතු සඳහා

වරින්වර පැමිණ ඇති මෙම කාන්තාව අවස්ථා කිහිපයකදී විහාරගෙයි තිබූ මෙම පූජනීය වස්තූන් සොරකම් කරගෙන ගොස් ඇතැයි පොලිසිය සිදු කළ
පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. මෙයට දින කිහිපයකට පෙරද ඇය විහාරගෙයි දොරටුව විවෘත කර දෙන ලෙස විහාරාධිපති හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබූ අතර ඇය වෙත තිබූ විශ්වාසය මත පුද පූජා පැවැත්වීම සඳහා එදිනද දොරටු විවෘත කර දී තිබේ. පසුව දින කිහිපයකදී විහාරස්ථානයේ වටිනා බුදුපිළිම කීපයක්
හා කරඬුවක් මෙන්ම පුන්කලස් දෙකක්ද අතුරුදන්ව තිබෙන බව විහාරාධිපති හිමියන්ට දැකගත හැකි වූයෙන් ඉහත කාන්තාව පිළිබඳව ඇතිවූ සැකය මත ඇය විහාරස්ථානය වෙත පැමිණෙන යතුරුපැදියේ අංකය පොලිසියට ලබා දී තිබේ.
(පී. කුරුකුලසූරිය)