තෙවරප්පෙරුමගෙ දරුවාගේ මරණින් පස්සෙ
ඇතිව තිබෙන මානසික තත්වය හොඳ නෑ

වෛද්‍යවරයෙකුට යොමු කරනවා - අකිල විරාජ්

මේ දිනවල දරුවන් කිහිපදෙනෙකු පාසලකට ඇතුළත් නොකිරීමේ ගැටලූවක් අසාධාරණයක් යයි පවසමින් මාරාන්තික උපවාසයක යෙදී සිටින නි.ඇමති පාලිත තෙවරප්පෙරුමගේ මෙම හැසිරීම මානසික රෝගී තත්වයක් ලෙස අධ්‍යාපන ඇමති අකිල විරාජ් හඳුන්වාදී තිබෙනවා.
මීගහතැන්න ප‍්‍රාථමික විද්‍යාලයේ දරුවන් ඇතුළත් නොකිරීමේ ගැටලූවකට
මැදිහත්ව එය බරපතල ප‍්‍රශ්නයක් බවට පත් කර තිබෙන

නි.ඇමතිවරයා මින් ටික දිනකට පෙර ගාල්ල දෙවට ප‍්‍රදේශයේ හෝටලයක ආරවුලකටත් පැටළුණා.
මීරිගම දරුවන් සම්බන්ධයෙන් එම විදුහල්පතිවරයා ඊයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී කියා සිටියේ එම දරුවන්ට වෙනත් පාසල් ආසන්නයේ තිබියදී මෙම පාසල ඉල්ලා ඇති බවත් ලකුණු නියම ක‍්‍රමයට ලබාදුන් පසු එම දරුවන්ට ලකුණු අඩුව තිබෙන බවත් අසාධාරණයක්වී නැති බවත්ය.
දරුවන්ට පාසල් නොදුන්නොත් යහපාලනය හැරයන බව කියමින් පුවත්පත්වල සිරස්තල මවමින් පාලිත නි.ඇමතිවරයා නියැළෙන්නේ නි.ඇමතිවරයෙකුට තරම් නොවන හැසිරීමක බවට මේ වනවිට එජාපය තුළ කතාවක් පැනනැගී ඇත.
මේ සම්බන්ධයෙන් නෙත් ගුවන් විදුලි නාලිකාව සිදුකළ විමසීමකදී ඇමති අකිල විරාජ් මෙසේ කියා තිබුණි.
‘එතුමාගේ දරුවාගේ මරණින් පස්සේ එතුමා පොඞ්ඩක් මානසිකව යම් තත්වයකට මුහුණදීලා තිබෙන බව අපට දැනගන්න ලැබිලා තියෙනවා. ඉතින් අපි ඒ සඳහා ඉදිරියේදී කටයුතු කරන බව තමා අපි පක්ෂයක් විදිහට කියන්න  ඕන.ඒ සම්බන්ධයෙන් කථානායක තුමාවත් දැනුවත් කරළා යම් ප‍්‍රතිකාර ලබාදෙන්න වෛද්‍යවරයෙකු හමුවට පමුණුවන්නත් බලාපොරොත්තු වෙනවා’