තෙවන පාසල් වාරයේ දෙවන අදියර සඳහා දිවයිනේ පාසල් නැවත ආරම්භ කිරීම ලබන දෙසැම්බර් මස 16 වන දින සිදු කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම තොරතුරු අනාවරණය කළේය.
ඒ අනුව බස්නාහිර, දකුණ, උතුර, නැගෙනහිර, සබරගමුව සහ උතුරුමැද යන පළාත්වල පවතින සියලුම පාසල් එදින විවෘත කිරීමට කටයුතු යොදා ඇත. දිවයින පුරා පිහිටි සමස්ත පාසල් සංඛ්‍යාව වන 10,076 ක් අතුරින් පාසල් 9,929 ක් එදින සාමාන්‍ය පරිදි අධ්‍යාපන කටයුතු සඳහා විවෘත වනු ඇති බව ලේකම්වරයා පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් පළාත් තුනකට අයත් පාසල් 147 ක් දෙසැම්බර් 16 වන දින ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව හෙතෙම සඳහන් කළේය. ඌව පළාතේ අධ්‍යාපන කලාප කිහිපයක පාසල් එදින විවෘත නොකෙරෙන අතර ඊට වැලිමඩ කලාපයේ පාසල් 5 ක්, බණ්ඩාරවෙල කලාපයේ පාසල් 3 ක්, බදුල්ල කලාපයේ පාසල් 7 ක්, පස්සර කලාපයේ පාසල් 5 ක් සහ වියළුව කලාපයේ පාසල් 6 ක් ඇතුළත් වේ. මීට අමතරව වයඹ පළාතේ මහව අධ්‍යාපන කලාපයේ එක් පාසලක් සහ ඉබ්බාගමුව අධ්‍යාපන කලාපයේ පාසල් 5 ක් ලෙස පාසල් 6 ක් එදිනට විවෘත නොකෙරේ.
එමෙන්ම මධ්‍යම පළාත තුළ පාසල් 115 ක් ලබන 16 වනදා විවෘත නොකෙරෙන බව අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය. මහනුවර කලාපයේ පාසල් 4 ක්, දෙනුවර කලාපයේ පාසල් 8 ක්, ගම්පොළ කලාපයේ පාසල් 8 ක්, වලපනේ කලාපයේ පාසල් 7 ක් සහ හඟුරන්කෙත කලාපයේ පාසල් 15 ක් ඊට අයත් බව ඒ මහතා පැවසීය. තවද කොත්මලේ අධ්‍යාපන කලාපයට අයත් පාසල් 17 ක්, මාතලේ කලාපයේ පාසල් 38 ක්, නාවුල කලාපයේ පාසල් 3 ක් මෙන්ම නුවරඑළිය අධ්‍යාපන කලාපයේ පාසල් 15 ක් ද එදිනට විවෘත නොවන පාසල් ලැයිස්තුවට ඇතුළත් ය.
සම්පූර්ණ ලැයිස්තුව පහතින්
1. බ/ උඩුහාවර මහා විද්‍යාලය
2. බ/ රහුපොල විද්‍යාලය
3. බ/ සරස්වතී දෙමළ විද්‍යාලය
4. බ/ පුඥ්ඥසාර විද්‍යාලය
5. බ/ ඇල්බියන් (Elbian) දෙමළ ප්‍රාථමික විද්‍යාලය
6. බ/ මාකල්දෙණිය දෙමළ විද්‍යාලය
7. බ/ පිටරත්මලේ අංක 1 දෙමළ විද්‍යාලය
8. බ/ බ්ලැක්වුඩ් (Blackwood) අංක 1 දෙමළ විද්‍යාලය
9. බ/ මේමලේ (Maymale) දෙමළ විද්‍යාලය
10. බ/ ශ්‍රී රාමක්‍රිෂ්ණන් විද්‍යාලය
11. බ/ කලන් (Kalan) දෙමළ විද්‍යාලය
12. බ/ කලෙයිවානි (Kaleiwani) දෙමළ විද්‍යාලය
13. බ/ වල්ලුවර් (Walloowar) දෙමළ විද්‍යාලය
14. බ/ ධම්මානන්ද විද්‍යාලය
15. බ/ දියනාගල විද්‍යාලය
16. බ/ යූරි (Yoori) දෙමළ විද්‍යාලය
17. බ/ පස්සර අංක 04 දෙමළ විද්‍යාලය
18. බ/ උඩගමවල්ගොල්ල විද්‍යාලය
19. බ/ විග්නේෂ්වරා දෙමළ විද්‍යාලය (බදුල්ල)
20. බ/ රාමක්‍රිෂ්ණ දෙමළ විද්‍යාලය
21. බ/ සොරණාතොට මහා විද්‍යාලය
22. බ/ මීගහකිවුල ජාතික පාසල
23. බ/ කලුගහකඳුර මහා විද්‍යාලය
24. බ/ ඇලජන්ඩ (Elajanda) විද්‍යාලය
25. බ/ දික්යාය කණිෂ්ඨ විද්‍යාලය
26. බ/ පුස්සැල්ලාව විද්‍යාලය
27. රන්තැටිකන්ද ප්‍රාථමික විද්‍යාලය
28. මිරිස්සල විද්‍යාලය
29. දුනුමාව ප්‍රාථමික විද්‍යාලය
30. පාලුගහතැන්න ප්‍රාථමික විද්‍යාලය
31. ඉරියගොල්ල කණිෂ්ඨ විද්‍යාලය
32. මඩහපොල කන්ද කණිෂ්ඨ විද්‍යාලය
33. කොලබිස්ස කණිෂ්ඨ විද්‍යාලය
34. මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය
35. මහනුවර කලෛමගල් දෙමළ විද්‍යාලය
36. ජනාධිපති ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය
37. උඩවෙල කණිෂ්ඨ විද්‍යාලය
38. වෙරළුගොල්ල ප්‍රාථමික විද්‍යාලය
39. ශ්‍රී රේවත මහා විද්‍යාලය
40. වෙම්බිලිවත්ත ප්‍රාථමික විද්‍යාලය
41. ඉලුක්වත්ත මුස්ලිම් විද්‍යාලය
42. අල්-අක්සා මුස්ලිම් විද්‍යාලය
43. පල්ලේදැල්තොට කණිෂ්ඨ විද්‍යාලය
44. පැටිත්ලාව කණිෂ්ඨ විද්‍යාලය
45. බෙරවිල ප්‍රාථමික විද්‍යාලය
46. පරගල සිංහල විද්‍යාලය
47. අල්-හික්මා මහා විද්‍යාලය
48. බ්ලැක් ෆොරස්ට් (Black Forest) දෙමළ විද්‍යාලය
49. කෙලී ජනපද ප්‍රාථමික විද්‍යාලය
50. ජිනරාජ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය
51. බුද්ධඝෝෂ මහා විද්‍යාලය
52. අනගාරික ධර්මපාල මහා විද්‍යාලය
53. දොඩම්දෙනිය විද්‍යාලය
54. නන්දන විද්‍යාලය
55. පමුණුව කණිෂ්ඨ විද්‍යාලය
56. ධර්මාශෝක විද්‍යාලය
57. සෑලගම විද්‍යාලය
58. හුලංගමුව ප්‍රාථමික විද්‍යාලය
59. ඇටිපොල විද්‍යාලය
60. අලකොළමඩ කණිෂ්ඨ විද්‍යාලය
61. දංකන්ද මහා විද්‍යාලය
62. දික්කුඹුර විද්‍යාලය
63. පිටකන්ද කණිෂ්ඨ විද්‍යාලය
64. වෙරළුගස්තැන්න විද්‍යාලය
65. ධර්මවිජය විද්‍යාලය
66. හපුවිද කණිෂ්ඨ විද්‍යාලය
67. රත්තොට බැප්ටිස්ට් ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය
68. ලේලියඹේ මහා විද්‍යාලය
69. ශ්‍රී ධම්මතිලක මහා විද්‍යාලය
70. ඇල්කඩුව සිංහල විද්‍යාලය
71. ඉඹුල්පිටිය මහා විද්‍යාලය
72. මහානාම ප්‍රාථමික විද්‍යාලය
73. රත්තොට හින්දු මහා විද්‍යාලය
74. තිබ්බටුවාව ප්‍රාථමික විද්‍යාලය
75. හුනුගල දෙමළ විද්‍යාලය
76. ඇල්කඩුව දෙමළ මහා විද්‍යාලය
77. මිඩ්ලන්ඩ් දෙමළ විද්‍යාලය
78. කන්දේනුවර දෙමළ මහා විද්‍යාලය
79. සෑලගම දෙමළ විද්‍යාලය
80. බඹරගල දෙමළ විද්‍යාලය
81. දංකන්ද දෙමළ විද්‍යාලය
82. ගම්මඩුව දෙමළ මහා විද්‍යාලය
83. විග්නේෂ්වරා දෙමළ විද්‍යාලය (මාතලේ)
84. මවුස්සාගල දෙමළ විද්‍යාලය
85. මාතලේ බටහිර දෙමළ විද්‍යාලය
86. රත්වත්ත දෙමළ විද්‍යාලය
87. වාණි දෙමළ විද්‍යාලය
88. ඕවිලිකන්ද දෙමළ විද්‍යාලය
89. ගණපති ප්‍රාථමික විද්‍යාලය
90. නාගල දෙමළ විද්‍යාලය
91. ශ්‍රී ජේම්ස් පීරිස් විද්‍යාලය
92. හග්ගල විද්‍යාලය
93. පැරකුම්බාපුර විද්‍යාලය
94. පැරකුම්බාපුර විද්‍යාලය
95. යොක්ස්ෆර්ඩ් (Yoxford) දෙමළ විද්‍යාලය
96. කඳපොල ශාන්ත ජෝන් දෙමළ විද්‍යාලය
97. කඳපොල හෙදර්සෙට් (Hethersett) දෙමළ විද්‍යාලය
98. රදැල්ල දෙමළ විද්‍යාලය
99. උඩරදැල්ල දෙමළ විද්‍යාලය
100. කොන්කෝඩියා (Concordia) දෙමළ විද්‍යාලය
101. ගෝට්ෆෙල් (Goatfell) දෙමළ විද්‍යාලය
102. සමර්හිල් (Summerhill) දෙමළ විද්‍යාලය
103. තංගකැලේ අංක 01 දෙමළ මහා විද්‍යාලය
104. පාක් (Park) දෙමළ විද්‍යාලය
105. එස්කඩේල් (Eskadale) දෙමළ විද්‍යාලය
106. පේදුරු (Pedro) දෙමළ විද්‍යාලය
107. මැල්හේවා ප්‍රාථමික විද්‍යාලය
108. රෂ්බෲක් (Rushbrook) දෙමළ ප්‍රාථමික විද්‍යාලය
109. ශ්‍රී සුමංගල ප්‍රාථමික විද්‍යාලය
110. මහවැලිසෑය ප්‍රාථමික විද්‍යාලය
111. නායපාන මහා විද්‍යාලය
112. පාලගොල්ල කණිෂ්ඨ විද්‍යාලය
113. රම්බොඩගම විද්‍යාලය
114. මේමෝලි (Maymolly) දෙමළ ප්‍රාථමික විද්‍යාලය
115. වෙවන්ඩන් (Wevandon) දෙමළ කණිෂ්ඨ විද්‍යාලය
116. ෆ්‍රොටොෆ්ට් (Frotoft) දෙමළ විද්‍යාලය
117. කොලපට්න (Kolapathna) දෙමළ ප්‍රාථමික විද්‍යාලය
118. අයිරි (Eyrie) දෙමළ මහා විද්‍යාලය
119. හෙල්බොඩ (Helbodde) උතුර දෙමළ විද්‍යාලය
120. කුරිංජි (Kurinji) දෙමළ ප්‍රාථමික විද්‍යාලය
121. රාමනාදන් තොණ්ඩමන් දෙමළ විද්‍යාලය
122. විද්‍යාකර ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය
123. ශාන්ත කුමාර දසනායක ප්‍රාථමික විද්‍යාලය
124. කීර්ති බණ්ඩාර මහා විද්‍යාලය
125. සිදුහත් මහා විද්‍යාලය
126. විද්‍යාප්‍රදීප පාසල
127. ලියන්වෙල ශ්‍රී ධර්ම විද්‍යාලය
128. මූලොය දෙමළ විද්‍යාලය
129. රාගල උසස් විද්‍යාලය (රාගල දෙමළ පාසල)
130. අධිර විද්‍යාලය (හයිෆොරස්ට් අංක 03 දෙමළ විද්‍යාලය)
131. ස්වර්ණප්‍රදීප ප්‍රාථමික විද්‍යාලය
132. ප්‍රින්සස් දෙමළ (Princess Tamila) මහා විද්‍යාලය
133. රුක්වුඩ් (Rookwood) අංක 01 දෙමළ විද්‍යාලය
134. ඇලමුල්ල දෙමළ විද්‍යාලය
135. පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය
136. උඩවත්ත කණිෂ්ඨ විද්‍යාලය
137. බඹරගම ප්‍රාථමික විද්‍යාලය
138. හීන්නපිට ප්‍රාථමික විද්‍යාලය
139. මැටිබැම්බිය කණිෂ්ඨ විද්‍යාලය
140. ගෝනකැලේ කණිෂ්ඨ විද්‍යාලය
141. මන්දාරම්නුවර ප්‍රාථමික විද්‍යාලය
142. පල්ලේවෙල විද්‍යාලය
143. මාර්තුවෙල ප්‍රාථමික විද්‍යාලය
144. මැටිබැම්බිය පහළගම විද්‍යාලය
145. ගල්ලැල්ල ප්‍රාථමික විද්‍යාලය
146. තිස්මඩ කණිෂ්ඨ විද්‍යාලය
147. ගෝනදික සිංහල දෙමළ විද්‍යාලය
Comments
Post a Comment
Your comment will be visible after approval