the-number-of-missing-people-from-cyclone-melissa-the-biggest-disaster-in-recent-times-is-uncertain

 'මෙලිසා' සුළි කුණාටුව කැරිබියන් කලාපය හරහා හමා යෑමෙන් ලක්ෂ 8 ක් පමණ අවතැන්ව ඇති අතර සිදුව විනාශය අනුව වාර්තාවූ මරණ තවම අවිනිශ්චිතය. නිල සංඛාලේඛන තවම ප්‍රමාද වන අතර අවම වශයෙන් පුද්ගලයින් 34 දෙනෙකු මියගොස් ඇතැයි යන්න පමණත් තහවුරු කර ඇත. නමුත් මෙම සංඛ්‍යාව මීට වැඩිවියහැකි බවත් අතුරුදන් පිරිස් ගැන දත්ත එකතුකරමින පවතින බවත් කියැවේ. මෙලිසා නිසා දැවැන්ත විනාශයක් සිදුවී ඇත. රතු කුරුස සංවිධානය ප්‍රකාශ කරන්නේ මෙය "පෙර නොවූ විරූ මහා ව්‍යසනයක්" බවට මුල් ඇඟවීම් වලින් පෙනී යන බවයි.



මේ දක්වා 'මෙලිසා' කුණාටුව ජැමෙයිකාව, හයිටි රාජ්‍යය, ඩොමිනිකන් ජනරජය සහ කියුබාව යන රටවල් හරහා ගමන් කරමින් දැඩි හානි සිදු කර තිබේ. වාර්තා වන මරණ අතරින් 25ක් හයිටි රාජ්‍යයෙන්, 8ක් ජැමෙයිකාවෙන් සහ එක් මරණයක් ඩොමිනිකන් ජනරජයෙන් වාර්තා වී ඇත.

අඟහරුවාදා දිනයේ ජැමෙයිකාවට ගොඩබසින විට 5 වන කාණ්ඩයේ ප්‍රබල සුළි කුණාටුවක් ලෙස පැවති මෙහි සුළං වේගය පැයට සැතපුම් 185ක් දක්වා ඉහළ ගොස් තිබුණි. මෙය මෙතෙක් අත්ලාන්තික් කලාපයේ වාර්තා වූ ප්‍රබලතම සුළි කුණාටු වලින් එකක් ලෙස සැලකේ.

බදාදා උදෑසන වන විට කියුබාවට ළඟා වීමේදී කුණාටුවේ ප්‍රබලත්වය තරමක් දුරට අඩු වුවද, එරටට ද දැඩි විනාශයක් සිදු කරමින් නිවාස රැසක් කඩා වැටී මාර්ග අවහිර වී තිබුණි.


බලධාරීන් පවසන පරිදි, විපතට පත් ප්‍රදේශවල පුද්ගලයින් 735,000ක් පමණ තවමත් ආරක්ෂිත නවාතැන්පළවල් වල රැඳී සිටිති.

ජැමෙයිකාවේ අග්‍රාමාත්‍ය ඇන්ඩෘ හෝල්නස්, පළමු මරණ වාර්තා වූ ශාන්ත එලිසබෙත් ප්‍රදේශයේ සංචාරය කරමින් කුණාටුවෙන් සිදුවූ බලපෑම නිරීක්ෂණය කළේය. බදාදා දිනය වන විට එරට 25,000කට අධික පිරිසක් නවාතැන්පළවල් වෙත යොමු කර තිබූ අතර, දිවයිනෙන් 77%කට විදුලි බලය ඇනහිට තිබුණි. හානියට පත් නිවාසවල ගුවන් දර්ශන බෙදා ගනිමින් අගමැතිවරයා ප්‍රකාශ කළේ, "සිදුවූ හානිය විශාල වුවත්, ශක්තිමත් නැවත ගොඩනැගීමක් සඳහා අපගේ සියලු ශක්තිය යොදවන" බවයි.

බදාදා රාත්‍රිය වන විට කුණාටුවේ සුළං වේගය පැයට සැතපුම් 100ක් දක්වා අඩුවී තිබූ අතර, බහමාස් සහ බර්මියුඩා දූපත් වලට ද එහි බලපෑම දැනී තිබුණි. 'මෙලිසා' කුණාටුවේ පැමිණීමට පෙර බහමාස් බලධාරීන් එරට ගිනිකොනදිග ප්‍රදේශවලින් ජනතාව දුසිම් ගණනින් ඉවත් කිරීමට ද පියවර ගෙන තිබුණි. එක්සත් රාජධානිය සහ එක්සත් ජනපද ආණ්ඩු ද විපතට පත් රටවලට ආධාර ලබා දීමට කැපවී සිටින බව ප්‍රකාශ කර ඇත.

බ්‍රිතාන්‍ය රතු කුරුස සංවිධානයේ ගෝලීය ප්‍රතිචාර කළමනාකරු ඇලෙක්සැන්ඩර් පෙන්ඩ්‍රි පැවසුවේ, "මුළු ප්‍රජාවන්ම ජලයෙන් යටවී ඇති බවටත්, දැඩි සුළඟින් සිදුවූ විනාශය අතිමහත් බවටත්" මේ වන විටත් පුවත් ලැබෙමින් පවතින බවයි. ජැමෙයිකානු රතු කුරුස සංවිධානය කුණාටුවට පෙර සිටම අත්‍යවශ්‍ය සැපයුම් සූදානම් කරමින් සහ නවාතැන් කළමනාකරණය කරමින් ප්‍රජාවන්ට ක්‍රියාකාරීව සහාය වී ඇති අතර, ඔවුන්ගේ වත්මන් ප්‍රමුඛතාවය වී ඇත්තේ හැකි ඉක්මනින් විපතට පත්වූවන්ට ආධාර ලබා දීම බව ද ඔහු සඳහන් කළේය.

gossiplanka image 2

gossiplanka image 4



gossiplanka image 5
gossiplanka image 6
gossiplanka image 7