sri-lanka-pakistan-match-washed-out-by-rain-australia-india-south-africa-and-england-advance-to-womens-world-cup-finals

 2025 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සිකුරාදා කොළඹදී පැවති ඔවුන්ගේ අවසන් තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවඋ අතර මේ තරගයත් සමග නිල වශයෙන් දෙරටටම පැවති තරග නිමාවට පත් විය. මෙම තීරණාත්මක තරගය පළමුව ඕවර 34කට සීමා කෙරුණු අතර, නැවතත් වර්ෂාව බාධා කරන විට ක්‍රීඩා කර තිබුණේ ඕවර 4.2ක් පමණි. එහිදී පාකිස්තාන කණ්ඩායම කඩුල්ලක් නොදැවී ලකුණු 18ක් ලබා සිටියේය.



මෙම ප්‍රතිඵලයත් සමග පාකිස්තානයට තරගාවලිය නිමා කිරීමට සිදු වූයේ එකදු ජයග්‍රහණයක්වත් වාර්තා නොකර, තරග අත්හැර දැමීම් වලින් හිමි වූ ප්‍රසාද ලකුණු තුනක් පමණක් ලබා ගනිමිනි. 
අත්හැර දැමූ තරගයෙන් හිමි වූ ප්‍රසාද ලකුණත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම, තරග හතකින් එක් ජයග්‍රහණයක් පමණක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පස්වන ස්ථානය දිනා ගත්තේය. ඔවුන්ගේ එකම ජයග්‍රහණය බංග්ලාදේශයට එරෙහිව ලකුණු හතකින් වාර්තා වූවකි. ශ්‍රී ලංකාව සහභාගී වූ තරග තුනක්ම වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු විය.




ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු කොළඹ පැවති අයහපත් කාලගුණය පිළිබඳව සිය කනගාටුව පළ කළාය. මෙම ලෝක කුසලානය සඳහා ඉහළ බලාපොරොත්තු තබා සිටියද, ඉන්දියාවට එරෙහි පළමු තරගයත්, පන්දු රැකීමේදී සිදු වූ බොහෝ වැරදි නිසා එංගලන්තයට එරෙහි තරගයත් පරාජය වීම ගැන ඇය සඳහන් කළාය. දක්ෂ තරුණ සහ පළපුරුදු ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත තම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් නිරන්තරයෙන් තරුණ ක්‍රීඩිකාවන්ට මග පෙන්වන බවත්, ශ්‍රී ලංකාව තුළ යහපත් දේශීය ක්‍රිකට් ව්‍යුහයක් ගොඩනැගෙමින් පවතින බවත් ඇය පෙන්වා දුන්නාය.




පසුගිය මාස 12 තුළ දකුණු අප්‍රිකාව, ඉන්දියාව සහ නවසීලන්තය වැනි ප්‍රබල කණ්ඩායම් පරාජය කිරීමටත්, T20 තරග ආකෘතියෙන් එංගලන්තය ඔවුන්ගේ මව්බිමේදීම පරාජය කිරීමටත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ බව චමරි සිහිපත් කළාය. තමන් ලොව හොඳම කණ්ඩායම් හතරට ඉතා ආසන්නව සිටින බවත්, දිගු තරග ආකෘති වලදී තම ස්වභාවික ධනාත්මක ක්‍රීඩා විලාසය ක්‍රියාත්මක කිරීමට තව තවත් දියුණු විය යුතු බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.
මුල්වටයේ තරග කිහිපයක් තව ඉතිරිව තිබුණත් මේ වනවිට
ඕස්ට්‍රෙලියාව, ඉන්දියාව, දකුනු අප්‍රිකාව හා එංගලන්තය අවසන් 4 ට තේරී අවසන්ය. ඉදිරි තරග හා ලකුනු සටහන පහතින්

Semi-Final 1: October 29 – Australia (#1) vs India (#4) at DY Patil Stadium, Navi Mumbai (3:00 PM IST).
Semi-Final 2: October 30 – England (#2) vs South Africa (#3) at ACA Stadium, Guwahati (3:00 PM IST).

Final: November 2 – Winners of SF1 vs SF2 at DY Patil Stadium, Navi Mumbai (2:00 PM IST). (Would shift to Colombo only if Pakistan had qualified, which they didn't.)


gossiplanka image 1