wimal-visits-mahathir-again-after-3-years-away

 ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රමුඛ එම පක්ෂයේ නියෝජිත පිරිසක්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීම සඳහා සැප්තැම්බර් 16 වන දින තංගල්ලේ පිහිටි කාල්ටන් නිවස වෙත පැමිණියහ. මෙම හමුවට ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා ඇතුළු තවත් නියෝජිතයෝ පිරිසක් එක්ව සිටියහ.



මෙම හමුවෙන් අනතුරුව සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් විමල් වීරවංශ මහතා සඳහන් කළේ, දශක තුනක ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කිරීම සඳහා හිටපු ජනාධිපතිවරයා ලබාදුන් දේශපාලන නායකත්වයට කෘතගුණ සැලකීමක් ලෙස මෙම හමුව සිදු වූ බවයි.

වත්මන් දේශපාලන මතභේද කුමක් වුවත්, එම ඓතිහාසික කාර්යභාරයට ගරු කිරීමක් වශයෙන් තමන් ඇතුළු පිරිස රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, තමාට එල්ල වී ඇති ජීවිත තර්ජන නොසලකා කොළඹ පිහිටි නිල නිවස රජයට භාරදී මෑතකදී තංගල්ලේ පිහිටි සිය පෞද්ගලික නිවසට පැමිණීම දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද අවධානයට ලක්වූවක් බව විමල් වීරවංශ මහතා සිය සටහන මගින් පෙන්වා දී තිබිණි.
පසුගිය කාලයේ මහින්ද - විමල් අතර මිතුදම බිඳී තිබුණ අතර බැසිල්ව විවේචනය කර විමල් 2022 මාර්තු මස ඉවත්වීමෙන් පසු රාජපක්ෂ හෝ පසුව වික්‍රමසිංහ පාලනයට සම්බන්ධ වූයේ නැත.

2022 මාර්තු මස මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා විමල් වීරවංශ සහ උදය ගම්මංපිල දෙදෙනාම ප්‍රකාශ කළේ තමන්ගේ ගැටුම ඇත්තේ ආණ්ඩුව සමඟ හෝ පුද්ගලයන් සමඟ හෝ නොවන බවය. තමන් සටන් කරන්නේ ප්‍රතිපත්තිය උදෙසා බවය. එහෙත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය යටතේ තමන් නැවත වරක් අමාත්‍ය ධුරයක් භාර නොගන්නා බවද ඒ අවස්ථාවේ විමල් කීය. විමල් සහ උදය දෙදෙනාම එතෙක් කාලයක් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් විවේචනයක නොයෙදුණත්  ජනාධිපතිවරයාගේ භූමිකාව බැසිල් විසින් වසාගෙන ඇති බවත් ජනාධිපතිට ක්‍රියා කිරීමට සිදුවි තිබෙන්නේ බැසිල් කියන ආකාරයට බවත් ප්‍රකාශ කිරීම කැපී පෙනිණි.

එහෙත් ඒ අවස්ථා වලදී  එවක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් මේ දෙදෙනාම කතා කළේ ගෞරවනීය ආකල්පයකිනි.
නමුත් පසුකාලීනව විමල් හෝ ගම්මංපිල සෘජුව රාජපක්ෂ පවුල හා සම්බන්ධතා පවත්වා තිබුනේ නැත.

මහතීර් හා ලී ක්වාන් යූ දෙබෑයන් ලෙස හඳුන්වමින් මහින්ද ගෝඨාභය බලයට ගෙනෙන්නට ප්‍රබන්ධ කතා ගෙතු විමල් පසුව කියා තිබුනේ ලී ක්වාන්යූ මළ බවත් මහතීර්ට බලය අහිමිවූ බවත්ය.

gossiplanka image 2
gossiplanka image 3


gossiplanka image 4
gossiplanka image 5