sorry-for-the-confusion-between-guinness-and-nobel-handunnetti

 කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසන්නේ, ශ්‍රී ලාංකේය තේ නිෂ්පාදනයක් ලැබූ ගිනස් වාර්තාවක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ දී, 'ගිනස් වාර්තාව' යන වචනය වෙනුවට 'නොබෙල් තෑග්ග' යන වචනය තමා අතින් අත්වැරදීමකින් භාවිත වූ බවයි.





ජපානයේ පැවති තේ වෙන්දේසියක දී 'නිව් විතානකන්ද සිලෝන් කළු තේ' සඳහා ලෝකයේ මෙතෙක් තේ සඳහා හිමිවූ ඉහළම මිල වාර්තා වීමත් සමග එම ජයග්‍රහණය ගිනස් ලෝක වාර්තා අතරට එක්විය. සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට ගෝලීය කීර්තියක් අත්කර දුන් මෙම අවස්ථාව පිළිබඳ අදහස් දැක්වීමේ දී තමා අතින් සිදුවූ වරද සම්බන්ධයෙන් කනගාටු වන බවය.

තමාගේ මෙම අත්වැරදීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ සාවද්‍ය අර්ථකථන ලබාදෙමින් සංවාදයක් ගොඩනැගී ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරයා, විපක්ෂයේ ඇතැම් පාර්ශ්ව විසින් හිතාමතාම මෙම 'බංකොලොත් සංවාදය' මතු කිරීම පිළිබඳව ද සිය කනගාටුව පළ කර තිබේ.