ඩුබායිහිදී පැවති ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් අවසන් තරගයේදී තරග ශූරතාව දිනාගැනීමට පකිස්තානය පැරදූ ඉන්දියාව අද සමත් විය.
ඉන්දියාවේ ආරාධනයෙන් මුලින් පන්දුවට පහරදුන් පකිස්තාන පිල ඉතා සාර්ථක ආරම්භයක් ලබා ලකුණු 84 පළමු විකට්ටුව දැවී යන අවස්ථාවේ විශාල ලකුණු සංඛ්‍යාවක් පුරෝකථනය කළත් මැද පෙළ හා පසුපෙළ දුර්වල වීම නිසා ලකුණු 146 ක සාමාන්‍ය ඉලක්කයක් ලබාදී 19.1 ඕවරයේදී සියල්ලන් දැවී ගියේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව මුලදී අසාර්ථක ආරම්භයක් ලද අතර පළමු විකට් තුනම ලකුණු 20 ක් වැනි අඩු ලකුණු ගණනකදී දැවී ගොස් අවදානම් තත්වයක සිටියේය. නමුත් පසුව ක්‍රීඩා කළ තිලක් වර්මා අවසන් මොහොත දක්වා නොදැවී ක්‍රීඩා කරමින් ලකුණු 69 ක්ද ලබා තරගයේ ශූරතාව ඉන්දියාවට ලබාදුන්නේය.
සංජු සැම්සන් (24) හා ෂිවාම් ඩූඩ්(33) ඔහුට අනගි සහයක් ලබාදුනි.
අවසන් ඔවරයේ 4 වන පන්දුවේදී අවශ්‍ය ලකුණු ගණන පසුකර ඉන්දියාව මෙවර ශූරතාව දිනාගන්නා ලදි.
ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවූ කුල්දීප් යාදෙව් කඩුළු 4 ක් ලබාගත් අතර ඔහු තනි ඕවරයකදී කඩුලු තුනක් ලබාගැනීම කැපී පෙනිණි.


Comments
Post a Comment
Your comment will be visible after approval