නවතම තොරතුරු අනුව නේපාලයේ දූෂණයට හා සමාජ මාධ්‍ය තහනමට එරෙහිව ජෙනරේෂන් ඉසෙඩ් පරපුර විසින් පවත්වන ලද විරෝධතාවලදී මියගිය සංඛ්‍යාව 72ක් දක්වා ඉහළ ගොස් ඇත. මිය ගිය පුද්ගලයන් අතර ඉන්දීය ජාතිකයෙකු ද වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ඉරිදා ප්‍රකාශ කළේය.
පොලිසිය සහ පරිපාලන කාර්ය මණ්ඩලය තවමත් හානියට පත් සාප්පු සංකීර්ණවලින් සහ ගොඩනැගිලිවලින් මළ සිරුරු ඉවත් කරමින් සිටී. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක ප්‍රකාශ් බුඩතෝකි පැවසුවේ, ගිනි තැබීම්වලට ලක්වූ හෝ ප්‍රහාරයට ලක්වූ සාප්පු සංකීර්ණ, නිවාස සහ අනෙකුත් ගොඩනැගිලිවලින් මේ වන විට මළ සිරුරු රැසක් සොයාගෙන ඇති බවයි.දශක ගණනාවකට පසු නේපාලයේ සිදුවූ දරුණුතම ප්‍රචණ්ඩත්වය හේතුවෙන් පුද්ගලයින් 2113 දෙනෙකු තුවාල ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. රජයේ ගොඩනැගිලි, ශ්‍රේෂ්ඨාධිකරණය, පාර්ලිමේන්තු මන්දිරය, පොලිස් ස්ථාන, ව්‍යාපාරික ආයතන මෙන්ම ජනාධිපති රාම් චන්ද්‍ර පෝඩෙල් සහ අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඕලි ඇතුළු දේශපාලඥයන්ගේ නිවාසවලට ද ගිනි තබා ඇත.
සැප්තැම්බර් 8 වන සඳුදා විරෝධතාව අතරතුර, කත්මන්ඩු නුවර පාර්ලිමේන්තු මන්දිරයට කඩා වැදීමේ සිද්ධියේදී පොලිස් වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 19 දෙනෙකු මියගිය අතර, ඔවුන්ගෙන් බහුතරය සිසුන්ය. විරෝධතා මධ්‍යයේ අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඕලි අඟහරුවාදා සිය ධූරයෙන් ඉල්ලා අස්විය. සඳුදා විරෝධතාවේදී සිදු වූ මරණවලට එරෙහිව ඔහුගේ ඉල්ලා අස්වීම ඉල්ලා සිටි සිය ගණනක් විරෝධතාකරුවන් ඔහුගේ කාර්යාලයට කඩා වැදී ඇත.
ඕලිගේ ඉල්ලා අස්වීමෙන් පසුව ද ප්‍රචණ්ඩත්වය දිගටම පැවති අතර, විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව, ජනාධිපති කාර්යාලය, අගමැති නිල නිවස, රජයේ ගොඩනැගිලි, දේශපාලන පක්ෂ කාර්යාල සහ ජ්‍යෙෂ්ඨ නායකයන්ගේ නිවාසවලට ගිනි තබා තිබේ. පොලිස් ස්ථාන සහ මුරපොළවල් ගිනි තබා හෝ විනාශ කර දැමූ නමුත්, නේපාල පොලිස් බලකාය කත්මන්ඩු නිම්නයේ ක්‍රමයෙන් තම මෙහෙයුම් නැවත ආරම්භ කරමින් සිටින බව බලධාරීහු පවසති.
නව පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමේ වගකීම ඇතිව හිටපු අගවිනිසුරු සුශිලා කාර්කි ඕලි වෙනුවට අන්තර්වාර අග්‍රාමාත්‍යවරිය ලෙස පත් කර ඇති අතර නව මැතිවරණය 2026 මාර්තු 5 වන දින පැවැත්වීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval