ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ පළමු තරගය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර අද (20) පැවති තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. ඒ, ශ්‍රී ලංකාව ලබාදුන් ලකුණු 169ක ඉලක්කය කඩුලු 6ක් පමණක් දැවී තිබියදී පසුකර යමිනි.
කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායක ලිටන් දාස්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම, නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 168ක් රැස් කළේය. ආරම්භක පිතිකරුවන් වූ පැතුම් නිශ්ශංක (22) සහ කුසල් මෙන්ඩිස් (34) ලකුණු 44ක වේගවත් සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන්හ.
ශ්‍රී ලංකා ඉනිම වර්ණවත් කළ නායක දසුන් ශානක, පන්දු 37කදී හයේ පහර 6ක් සහ හතරේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 64ක් රැස් කරමින් අගනා ඉනිමක් ක්‍රීඩා කළේය. පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් දස්කම් දැක්වූ මුස්තෆිසුර් රහ්මාන් ලකුණු 20කට කඩුලු 3ක් දවාගත් අතර, මෙහෙදි හසන් කඩුලු 2ක් බිඳ හෙළීය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ පිතිකරුවෝ, තරගයේ ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබූ ලකුණු 169 සීමාව කඩුලු 6ක් දැවී පසුකරමින් තරගයේ අවසන් පන්දුවට පෙර පන්දුවේදී සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.
ඉදිරි තරග පහත පරිදිය.
සැප්තැම්බර් 21, ඉරිදා
ඉන්දියාව එදිරිව පාකිස්තානය,
සැප්තැම්බර් 23, අඟහරුවාදා
පකිස්තානය එදිරිව ශ්‍රී ලංකාව,
සැප්තැම්බර් 24, බදාදා
ඉන්දියාව එදිරිව බංග්ලාදේශය,
සැප්තැම්බර් 25, බ්‍රහස්පතින්දා
පකිස්තානය සහ බංග්ලාදේශය,
සැප්තැම්බර් 26, සිකු
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව,
සැප්තැම්බර් 28, ඉරිදා
TBC vs TBC, අවසන් තරගය
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, ඩුබායි



Comments
Post a Comment
Your comment will be visible after approval