දෙමළ ඩයස්පෝරාව පරාජය කර යුද්ධය ජයග්‍රහණය කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීම, ඔහුගෙන් පලිගැනීමක් මෙන්ම ඔහුව අනතුරකට විවෘත කිරීමක් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ නන්දන ගුණතිලක මහතා, මාලිමාව මැතිවරණයට පෙර හමුදා සෙබළුන් එකතු කර "රණවිරු සංසද" පිහිටවූවද, අද ජනාධිපතිවරයා ඔවුන්ව "සෙබළුන්" ලෙස පමණක් හඳුන්වන බවට චෝදනා කළේය. යුද්ධය ජයග්‍රහණය කළ මහින්ද රාජපක්ෂ වැනි නායකයෙකුගෙන් ආණ්ඩුව පලි නොගත යුතු බවත්, ඔහුගේ ආරක්ෂාව ඉවත් කිරීමෙන් අනතුරක් සිදුවිය හැකි බවටත් ඔහු අනතුරු ඇඟවීය.
හිටපු මන්ත්‍රී චන්ද්‍රසේන විජේසිංහ මහතා පෙන්වා දුන්නේ, ඕනෑම රටක නායකයෙකුට ජාතිය වෙනුවෙන් බැරෑරුම් තීන්දු ගැනීමට සිදුවන බවත්, එවැනි නායකයින් ආරක්ෂා කිරීමට සමාජය සතුව "සමාජ රක්ෂණයක්" පවතින බවත්ය. බෙදුම්වාදය ජාත්‍යන්තර වුවමනාකම් මත ක්‍රියාත්මක වූ මොහොතක මහින්ද රාජපක්ෂ මහතා එය පරාජය කිරීමට තීන්දුවක් ගත් බවත්, එදා එම තීන්දුව නොගත්තේ නම් අද රට බෙදී යන බවත් ඔහු සිහිපත් කළේය.
මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත්,
අනාගතයේදී රට වෙනුවෙන් කොන්ද පණ ඇතිව තීන්දු තීරණ ගැනීමට හැකි නායකයන් බිහි නොවන බවත්, ප්‍රතිගාමී බලවේග ඉදිරියේ දණගසන නායකයන් පමණක් බිහිවනු ඇති බවත් විජේසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මෙමගින් ඉටු කරන්නේ ප්‍රතිගාමීන්ගේ වුවමනාව බවත්, ජාතික ප්‍රශ්න සමග වෙනත් දේශපාලන ගනුදෙනු පටලවා නොගත යුතු බවත් ඔහු පැවසීය. ජාතියේ නායකයින් සිංහයන් මෙන් නිර්භීත විය යුතු බැවින් මෙවැනි "බාල තීන්දු" නොගන්නා ලෙස ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval