ශ්‍රී ලංකාව සහ සංචාරක බංග්ලාදේශය අතර පැවති විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය කඩුලු 7ක ජයක් සමඟින් අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
විශාල ප්‍රේක්ෂක පිරිසක් සමග පල්ලෙකැලේ පිටියේ පැවති තරගයේදී
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම, නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 154ක් රැස් කළේය.
එම ඉනිම ශක්තිමත් කිරීම සඳහා Parvez Hossain Emon ලකුණු 38ක් සහ Mehidy Hasan Miraz ලකුණු 29ක් ලබා ගනිමින් බංග්ලාදේශ ලකුණු පුවරුවට දායක විය.
ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් මහීෂ් තීක්ෂණ කඩුලු 2ක් දවාගත් අතර, දසුන් ශානක, ජෙෆ්රි වෙන්ඩසේ සහ නුවන් තුෂාර එක් කඩුල්ල බැගින් දවා ගනිමින් ප්‍රතිවාදී ඉනිම සීමා කළහ.
ලකුණු 155ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, පන්දුවාර 19ක් පමණක් වැය කරමින් එම ඉලක්කය පසුකර ගියේ තවත් පන්දුවාරයක් ඉතිරිව තිබියදීය.
ශ්‍රී ලංකා ඉනිමේ කොඳු නාරටිය බවට පත් වූ කුසල් මෙන්ඩිස් වේගවත් ලකුණු 73ක් රැස් කරමින් ජයග්‍රහණය තහවුරු කළේය. ඔහුට අනගි සහයක් ලබාදුන් පැතුම් නිස්සංක ලකුණු 42ක් සහ කුසල් ජනිත් පෙරේරා ලකුණු 24ක් රැස් කිරීමට සමත් විය.
තරගයේ වීරයා කුසල් මෙන්ඩිස්ය.
Bangladesh Innings - 154/5 (20 Ov)
| Batter | R | B | 4s | 6s | SR |
|---|---|---|---|---|---|
| Parvez Hossain Emon | 38 | 22 | 5 | 1 | 172.73 |
| Tanzid Hasan | 16 | 17 | 2 | 0 | 94.12 |
| Litton Das (c & wk) | 6 | 11 | 0 | 0 | 54.55 |
| Mohammad Naim | 32 | 29 | 1 | 1 | 110.34 |
| Towhid Hridoy | 10 | 13 | 0 | 0 | 76.92 |
| Mehidy Hasan Miraz | 29 | 23 | 4 | 0 | 126.09 |
| Shamim Hossain | 14 | 5 | 0 | 2 | 280.00 |
| Extras | 9 (b 5, lb 3, w 1) | ||||
| Total | 154/5 (20 Ov) | ||||
Fall of Wickets: 46-1 (Tanzid, 4.6), 65-2 (Litton, 7.6), 67-3 (Parvez, 8.4), 89-4 (Hridoy, 12.3), 135-5 (Miraz, 18.3)
Bowling - Sri Lanka
| Bowler | O | M | R | W | ECO |
|---|---|---|---|---|---|
| C Karunaratne | 1 | 0 | 8 | 0 | 8.00 |
| N Thushara | 4 | 0 | 32 | 1 | 8.00 |
| B Fernando | 3 | 0 | 22 | 0 | 7.30 |
| M Theekshana | 4 | 0 | 37 | 2 | 9.20 |
| Shanaka | 4 | 0 | 22 | 1 | 5.50 |
| Vandersay | 4 | 0 | 25 | 1 | 6.20 |
Sri Lanka Innings - 159/3 (19 Ov)
| Batter | R | B | 4s | 6s | SR |
|---|---|---|---|---|---|
| Pathum Nissanka | 42 | 16 | 5 | 3 | 262.50 |
| Kusal Mendis (wk) | 73 | 51 | 5 | 3 | 143.14 |
| Kusal Perera | 24 | 25 | 2 | 1 | 96.00 |
| Avishka Fernando | 11 | 17 | 0 | 0 | 64.71 |
| Charith Asalanka (c) | 8 | 5 | 0 | 1 | 160.00 |
| Extras | 1 (lb 1) | ||||
| Total | 159/3 (19 Ov) | ||||
Fall of Wickets: 78-1 (Nissanka, 4.4), 120-2 (Perera, 12.5), 148-3 (Mendis, 17.2)
Bowling - Bangladesh
| Bowler | O | M | R | W | ECO |
|---|---|---|---|---|---|
| Mohammad Saifuddin | 3 | 0 | 22 | 1 | 7.30 |
| Taskin Ahmed | 3 | 0 | 43 | 0 | 14.30 |
| Tanzim Hasan Sakib | 4 | 0 | 34 | 0 | 8.50 |
| Mehidy Hasan Miraz | 4 | 0 | 24 | 1 | 6.00 |
| Shamim Hossain | 1 | 0 | 11 | 0 | 11.00 |
| Rishad Hossain | 4 | 0 | 24 | 1 | 6.00 |
Comments
Post a Comment
Your comment will be visible after approval