the-colombo-mayoral-election-was-a-deal-from-the-officer-down-namal

අද කොළඹ නගරාධිපති ධූරය ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මියට ලබාගැනීම දේශපාලන ඩීල් එකක් මත සිදුවූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද සවස පැවති මාධ්‍ය කැමරා ශීල්පී හමුවකදී පවසා තිබේ.



"කොළඹ නගර සභාවේ මන්ත්‍රීවරුන් 60 දෙනෙක් වූ බහුතරය ලිඛිතව විවෘත ඡන්දයක් ඉල්ලා සිටි අවස්ථාවක එය නොදී රහස් ඡන්දයක් පැවැත්වුණා. එවිට ඡන්ද 60 ඡන්ද 54ක් වීම විග්‍රහ කරගත හැක්කේ නිලධාරීවරුන්ගේ සිට පහළට පැවති ඩීල් එකක් බව" යයි මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේය.



අවුරුදු 76ක් පැරණි දේශපාලන පක්ෂ සමග යටින් ඩීල් දමාගෙන සිටි ජනතා විමුක්ති පෙරමුණ ඩීල්
දේශපාලනය ඉවර කිරීම සඳහා පැමිණ එන්පීපී නමින් වෙනදාටත් වඩා කදිම ඩීල් දැමීමක් සිදුකරගෙන යන
බව ද නාමල් රාජපක්ෂ පැවසුවේය.

මේ ආණ්ඩු යම් කාරණයක නිරත වෙනවා. ඒක දේශපාලනය. ඒ දේශපාලන කාරනාව ගැන අපි විවේචනය
කරන්නේ නෑ. හැබැයි ජේවීපී එක බලයට ආවේ එවැනි දේශපාලනයෙන් මේ රට මුදවා ගන්නවා කියලා.


ඒ අයම තමන් අවුරුදු 76ක් තිබුණු ආණ්ඩු එක්ක ඩීල් දැම්මා වගේ ඉදිරි කාලයේ දී ආණ්ඩුව පවත්වාගන්න ඩීල්
දාන බවක් අපට පේනවා. යයි තවදුරටත් පැවසුවේය.

ඔහු ඩීල් එක්ක ලෙස හැඳීන්වූයේ කුමක්දැයි පැහැදිලි කළේ නැති නමුත් ඔහු කොළඹ මහනගර සභා පුරපති තේරීම විවෘතව සිදු නොකර රහසිගතව සිදුකිරීම නිසා කණස්සල්ලට පත්ව මෙම ප්‍රකාශ නිකුත් කළ බවක් පෙන්නුම් කර තිබේ.