විද්‍යාඥයින් පිරිසක් බෙල්ජියමේ ප්‍රදේශයක වසර 10,500කට පමණ පෙර ජීවත් වූ ප්‍රාග් ඓතිහාසික කාන්තාවකගේ අවශේෂ අධ්‍යයනය කරමින් ඇයගේ පුරාතන ඩී.එන්.ඒ. භාවිතයෙන් මුහුණේ ප්‍රතිනිර්මාණයක් සිදු කර ඇත.
ගෙන්ට් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් ප්‍රමුඛ කණ්ඩායමක් විසින් සිදු කරන ලද පර්යේෂණයට අනුව, මෙම කාන්තාවට නිල් පැහැති ඇස් හා බටහිර යුරෝපයේ මෙසොලිතික් යුගයේ මෙතෙක් විශ්ලේෂණය කර ඇති බොහෝ පුද්ගලයින්ට වඩා තරමක් ලා පැහැති සමක් තිබූ බව අනාවරණය විය. මෙම සොයාගැනීම අඟහරුවාදා දින විශ්වවිද්‍යාලය නිකුත් කළ නිවේදනයකින් ප්‍රකාශ කරන ලදී.
බෙල්ජියමේ මෙසොලිතික් යුගය පිළිබඳ පර්යේෂණ ව්‍යාපෘතිය මෙහෙයවන ගෙන්ට් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාඥ ඉසබෙල් ඩි ග්‍රට් මහත්මිය සීඑන්එන් වෙත පැවසුවේ, මෙම කාන්තාව ද එම කාලයේම එක්සත් රාජධානියේ ජීවත් වූ චෙඩාර් මැන් ලෙස හැඳින්වෙන පුරුෂයා මෙන්ම එකම ජන කණ්ඩායමට අයත් වූවත්, ඇයගේ සම වඩාත් ලා පැහැති වූ බවයි.
මෙම සොයාගැනීම් හරහා යුරෝපීය දඩයක්කරුවන් සහ ආහාර එකතු කරන්නන් එකම ජාන සංයුතියක් බෙදා ගත් බවට පෙර පැවති උපකල්පන අභියෝගයට ලක් කරන අතර, එවකටත් විවිධ ජන කණ්ඩායම් අතර සමේ පාටෙහි සැලකිය යුතු වෙනස්කම් පැවති බව පෙන්නුම් කරයි යැයි ඇය පැවසුවාය.
"කබල පරීක්ෂා කිරීමෙන් අපට අවබෝධ වුණා ඇය වයස අවුරුදු 35 සහ 60 අතර වයසක සිටි බව,ඇයට උස් නාසා සේතුවක් සහිත නාසයක් තිබුණා, එය චෙඩාර් මැන්ගේ නාසයට සමානයි,කාන්තාවක් වුවද, ඇයට ශක්තිමත් ඇස්බැම් වලලු තිබුණා."
මෙම කාන්තාවගේ අවශේෂ 1988-1989 කාලයේ සිදු කළ පුරාවිද්‍යාත්මක කැණීම්වලදී ඩිනාන්ට් හි මාගෝ ගුහාවෙන් තවත් කාන්තාවන් අටදෙනකුගේ දේහයන් සමඟ හමු වූ බව ඩි ග්‍රට් පැවසුවාය.
"මෙය අසාමාන්‍ය සොයාගැනීමක්," යැයි ඇය පැවසූ අතර, මෙසොලිතික් යුගයේ බොහෝ මිහිදන් ස්ථාන වල පිරිමින්, කාන්තාවන් සහ ළමුන් මිශ්‍ර වූ බව පැවසුවාය.
බටහිර යුරෝපයේ අවසාන දඩයක්කරුවන් වූ මෙම මෙසොලිතික් ප්‍රජාවන් ගැන තවමත් නොවිසඳුණ ගැටලු ඉතිරිව ඇති බව පුරා විද්‍යාඥයෝ පවසති.
පර්යේෂණ කණ්ඩායම එකට මිහිදන් කරන ලද පුද්ගලයින් අතර ඥාතීත්වයන් අවබෝධ කර ගැනීම සඳහා අවශේෂ විශ්ලේෂණය කරමින් සිටින අතර, ඔවුන් මාළු ආහාරයට ගත් ප්‍රමාණය අධ්‍යයනය කිරීමටද සැලසුම් කරමින් සිටී.
(CNN ඇසුරිනි)
Comments
Post a Comment
Your comment will be visible after approval