ප්‍රේක්ෂකයන් ලෙස බලා නොසිට වහාම ජාතික ආරක්ෂක කවුන්සිලය කැඳවා ඉරාන – ඊශ්‍රායල් යුද්ධයෙන් රටට සිදුවන බලපෑම් ගැන සොයා බලා විසඳුම් ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටියි.
ඉරාන පාර්ලිමේන්තු තීන්දුවක් අනුව හෝමුස් සමුද්‍ර සන්ධිය වැසීමට ඉරානය පියවර ගැනීමට නියමිත බව විපක්ෂ නායක පැවසීය.
ඔහු සඳහන් කළේ, ලෝකයේ තෙල් සැපයුමෙන් සියයට 20ත් 30ත් අතර ප්‍රමාණයක් සහ ස්වාභාවික ගෑස් සැපයුමෙන් 1/3 කට වැඩි ප්‍රමාණයක් මෙම සමුද්‍ර සන්ධිය හරහා සිදුවන බැවින් තෙල් සහ ගෑස් මිල අධික ලෙස ඉහළ යෑමේ තත්ත්වයක් මතුවන බවට බොහෝ පාර්ශ්ව අනතුරු අඟවන බව ය.
මේ අනුව රටක් ලෙස ප්‍රේක්ෂකයන් ලෙස බලා නොසිට ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් පවත්වා උද්ගත වී ඇති බරපතළ ගැටලුවට විසඳුම් ලබා දිය යුතු බව විපක්ෂ නායකවරයා පැවසීය.
මැදපෙරදිග කලාපයේ උද්ගත වී ඇති තත්ත්වය ගැන විපක්ෂ නායක ඊයේ (ජූනි 23) විශේෂ ප්‍රකාශයක් සිදුකළ අතර එහිදී මේ බව අවධාරණය කළේ ය.
මේ වන විට ඉන්දියාව රුසියාවෙන් ගන්නා තෙල් ප්‍රමාණය වැඩි කර ඇති බවත් අප ද රටක් ලෙස පියවර ගත යුතු බව ඔහු අවධාරණය කළේ ය.
එසේ ම මැදපෙරදිග සේවය කරන ශ්‍රමිකයන්ගේ ජීවිත ආරක්ෂාව ගැන රජය සොයා බැලිය යුතු බවත් උද්ගතවී ඇති තත්ත්වය තුළ යම් රැකියා අහිමි වීමක් සිදුවුවහොත් එය රටට බරපතළ ලෙස බලපාන බැවින් ඒ ගැනත් සොයා බලන බවත් විපක්ෂ නායක වැඩිදුරටත් රජයෙන් ඉල්ලා සිටියි.
Comments
Post a Comment
Your comment will be visible after approval