රංගන ශිල්පී මේඝ සූරියආරච්චි සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙන්නට සූදානමින් සිටින බව සතිඅන්ත පුවත්පතකට පවසා තිබේ. ඔහු ඒ ගැන මෙසේ කියයි
මේ වන විට ඔබ රංගන ශිල්පියෙක් මෙන්ම අධ්‍යක්ෂණයටත් යොමු වෙලා සිටිනවා නේද?
ඔව්, මම අධ්‍යක්ෂණයට තමයි මුලින්ම ආදරය කරන්න පටන් ගත්තේ. ඒත් එක්ක මම පොඩි කාලයේ ඉඳලම සිනමාවේ අධ්‍යක්ෂණයට යොමු වෙන්න හීන මවපු කෙනෙක්. ඒ වගේම ඒ ගැන ස්වයං අධ්‍යයනයක යෙදුණු කෙනෙක්. මගේ වැඩිදුර අධ්‍යාපනයේදී යොමු වෙන්නෙත් ඒ පැත්තට තමයි.
ඒත් එක්කම මගේ පළමු වැනි සිනමා නිර්මාණය මැරීන් ඩ්‍රයිව් ඩිරෙක්ට් කළා. ඒක නුදුරේදීම සිනමාහල්වලට නිකුත් වෙන්න නියමිතයි. එතැනින් එහාටත් මම අධ්‍යක්ෂවරයෙක් හැටියටත් රංගන ශිල්පියකු විධියටත් මාව මුවහත් කරගෙන නිර්මාණ කරණයේ යෙදෙන්න බලාපොරොත්තු වෙනවා.
ඔබ රංගනය පිළිබඳව කළ ඇකඩමික් හැදෑරීම් ප්‍රායෝගිකව කොතරම් වැදගත් වුණාද?
ඔව්. මම කැලණිය විශ්ව විද්‍යාලයේ සිනමාව පිළිබඳව විශේෂවේදී උපාධිය අධ්‍යයනය කළ කෙනෙක්. ඒ වගේම මම දැන් කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරන්නෙත් සිනමාව සම්බන්ධවම තමයි. ඉතින් මම හිතන්නේ ඕනෑම දෙයකදී වෘත්තීමය වශයෙන් ගොඩ නැගෙන්නට නම් ඇකඩමික් හැදෑර්මක් තිබෙන එක ගොඩක් වටිනවා. අත්දැකීම් සමග ඉගෙන ගන්නවා කියන දෙයත් එක විධියක්.
ඒ වගේම න්‍යායාත්මක දැනුමක් තිබෙන එක අත්දැකීම් ලබා ගනිද්දි ඒ දේ උකහාගෙන පරිණාමයට පත්වෙන්නට පහසුවක් වෙනවා.
මම හැම වෙලේම කියන්නේ තමන් කරන දේ ගැන වෘත්තීමය බවක් ඇති කරගන්න කියලා. ඒක තමන්ගෙ ගමන තුළ ඉදිරියට යන්න ලොකු පිටිවහලක් වෙනවා.
Comments
Post a Comment
Your comment will be visible after approval