a-facebook-post-from-walgama-sirs-daughter-dinithi

පසුගියදා තම පියා සැමරූ උපන් දිනයේදී ටෙලි නිළි දිනිති වල්ගමගේ සිය පියා වෙනුවෙන් විශේෂ ෆේස් බුක් සටහනක් තබා තිබුණි. සමාජ මාධ්‍ය තුළ අවධානයට ලක්වූ එම සටහන පහත පරිදිය.







අපේ ගෙදර වාසනාවන්තම එකා මම
නහයට අහන්නෙ නැති කොල්ලො දාහකට දෙදාහකට ලෝබ නැතුව අත පුරෝලා ගුටි දීපු වල්ගමගේ සර්ගෙන්,
එක ගුටියක් කාපු නැති එකම එකා මම.
ඇයි මට ගැහුවෙ නැත්තෙ කියලා අහපු හැම වෙලාවෙම එයා කිව්වෙ, “ඔයා දිහා වැරදියට ඇහැක් ඇරලා බලන එකෙක්ගෙ ඇස් දෙක ගලවන්න හිතෙද්දී, මම ඔයාට අත ඉස්සුවොත් මට මගේ අත කපා ගන්න හිතෙයි මගෙ පුතේ”
දුවෙක් ඉන්න ඕනම තාත්තා කෙනෙක්ට දෙන්න තියෙන්නෙ ඔය උත්තරේ තමයි. 
සුභඋපන් දිනයක් තාත්තා
මීට,
වල්ගමගේ සර්ගෙ දුව
ප.ලි. ඒකටත් එක්ක අම්මාගෙන් නම් කාලා ඇති, 
අතට අහුවෙන ඕනෑම දෙයක් යුධ අවියක් කර ගැනීමේ මහඟු බලයක් අපෙ අම්මා සතුයි. ඉලක්කෙට පහර දීම කියලා game එකක් තිබුනනම් අපෙ අම්මාගෙන් olympic gold medal එකක් sure.

gossiplanka image 1
gossiplanka image 2


gossiplanka image 3
gossiplanka image 4


gossiplanka image 5