කම්කරු දිනය වෙනුවෙන් මැයි (01) තලවකැලේ ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේගයේ මැයි රැලියට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉක්මණින් රැලිය අමතා ඉන් පිටව ගොස් ඇති අතර රැස්වීමට සහභාගී වී සිටි ජනතාව වැඩි ප්‍රමාණයක්ද එම අවස්ථාවේ රැස්වීම් භූමියෙන් පිටව ගොස් ඇතැයි වාර්තා විය.
එලෙස පිටවයාම නිසා රැස්වීමේ අදහස් දක්වන්නට සිටි හර්ෂ ද සිල්වා හා රංජිත් මද්දුමබණ්ඩාර වැනි කථිකයින්ගේ කතා අසන්නට පිරිස් රඳවා ගැනීමට දෙමළ බසින් නිවේදන නිකුත් කරමින් ආයාචනා කරන්නට සභාවට සිදුවූ නමුත් අවසානයේ පිරිස් නොමැතිව යාමෙන් සභාව ඉක්මණින් අවසන් කර ඇතැයි වාර්තා පළවේ.
විවිධ මාධ්‍ය මගින් ජනතාව මීට සහභාගීවූයේ ඉතා අඩුවෙන් බවට හා හිස්පුටු රැසක් පැවති බවට වාර්තා පළකර තිබේ.
කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මෙම රැස්වීම අමතන අවස්ථාවේ පිරිස් විශාල වශයෙන් රැස්ව සිටිනු ඡායාරූප වල දැක්වෙයි. මෙම රැස්වීමට එක්වූ පිරිස අතර වැඩි දෙනෙකු තලවාකැලේ ආශ්‍රිත වතුකම්කරු ජනතාව වූ අතර සජබ හා පක්ෂපාතී දිගම්බරම් ඇතුළු අයට වැඩකරන අයයි. ඔවුන් දෙමළ නායකයින්ගේ කීමට සජබ නායකයාගේ කතාව අවසානය දක්වා රැස්වීමට එක්වන්නට ඇරයුම් ලැබ තිබූ බව වාර්තා විය.
රැලිය අමතමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල්, “නායකතුමාට වැඩ වැඩි නිසා තමයි, ඉක්මණට නැගිටලා ගියේ.. තව කථිකයෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා කතා කරන්න” යැයි පවසමින් ජනතාවට රැස්වීම් භූමියේ රැඳී සිටින ලෙස නිවේදන නිකුත් කරනු දක්නට ලැබිණි. කෙසේ වෙතත් එම ආයාචනාවලට කන් නොදී පාක්ෂිකයෝ බොහෝ පිරිසක් රැස්වීම අතරමැදින් පිටව ගොස් තිබිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval