
මැතිවරණ කොමිෂන් සභාව විසින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු ලබාදීමට ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. මැතිවරණ පනතේ ප්‍රතිපාදන අනුව මෙම නිවාඩු ලබාදීම අත්‍යවශ්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කර ඇත.
අද (මැයි 02) දින මැතිවරණ කොමිසමේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පැවසුවේ විශ්වවිද්‍යාල, උපකාරක පන්ති,
ඇඟලුම් කම්හල්වල සේවකයින්ට හා ශිෂ්‍යයින්ට නිවාඩු ලබාදීම අත්‍යවශ්‍ය බවයි.
රාජ්‍ය අංශයේ නිලධාරීන් සඳහා අවම වශයෙන් පැය දෙකක නිවාඩුවක් යටත්ව, ඡන්ද පොළට ඇති දුර ප්‍රමාණය අනුව ආයතන ප්‍රධානියා විසින් තීරණය කරනු ලබන ප්‍රමාණවත් කාල සීමාවකට නිවාඩු ලබා දීම අත්‍යාවශ්‍ය වන බව රත්නායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
පෞද්ගලික අංශයට නිවාඩු ලබා දීම සඳහාත් මැතිවරණ කොමිෂන් සභාව විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. එම චක්‍රලේඛය අනුව, ඡන්දදායකයාගේ සිට ඡන්ද පොළ දක්වා ඇති දුර ප්‍රමාණය:
කිලෝමීටර් 40ක් හෝ ඊට අඩු නම් දින භාගයක්
කිලෝමීටර් 40 සිට 100 අතර නම් එක් දිනක්
කිලෝමීටර් 100 සිට 150 අතර නම් දින එක හමාරක්
කිලෝමීටර් 150ට වැඩි නම් දින දෙකක්
වශයෙන් නිවාඩු ලබා දිය යුතු බව දන්වා තිබේ.
මැතිවරණ කොමසාරිස්වරයා තවදුරටත් සඳහන් කළේ ඇතැම් ඡන්ද දායකයින්ට ඡන්ද පොළට යාම සඳහා පවතින දුර ප්‍රමාණය අනුව මීට වඩා වැඩි දින ප්‍රමාණයක නිවාඩු අවශ්‍ය විය හැකි බවයි.
මෙම නිවාඩු ලබාදීම මගින් සෑම පුරවැසියෙකුටම තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වන ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව සහතික කිරීම අරමුණු කරගෙන ඇති බව පෙනේ.
Comments
Post a Comment
Your comment will be visible after approval