
වියට්නාමයේ හනොයි නුවර පිහිටි මයික්‍රොසොෆ්ට් ආයතනය සඳහා යුනියන් ඩිසයින් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් සමාගම විසින් වියට්නාමීය සංස්කෘතිය හා කලාව ආදර්ශයට ගෙන ප්‍රවේශ ප්‍රදේශයක් හා විවේක කලාපයක් නිර්මාණය කර ඇත. මෙම නිර්මාණය සාම්ප්‍රදායික හා නවීන සංකල්ප එකිනෙකට සම්බන්ධ කරමින් ප්‍රාදේශීය ද්‍රව්‍ය භාවිතයෙන් වියට්නාමීය අනන්‍යතාවය ප්‍රකට කරයි.හනොයි මයික්‍රොසොෆ්ට් සමාගම සඳහා වර්ග අඩි 9,106ක විශාල ප්‍රදේශයක් වෙන්කර ඇති අතර මෙය 2021 වසරේදී නිර්මාණය කර ඇත. පරිගණක දෘඩාංග හා මෘදුකාංග සංවර්ධන කර්මාන්තයේ ප්‍රමුඛයා වන මයික්‍රොසොෆ්ට් සමාගම, මෙම නව කාර්යාල සංකීර්ණය තුළින් වියට්නාමීය සංස්කෘතිය හා තාක්ෂණය අතර සුසංයෝගයක් ඇති කිරීමට උත්සාහ කර ඇත.
ඡායාරූප එකතුවක් පහතින්


