
01. හදිසි අනතුරකින් පුද්ගලයෙකු මියයාම - බණ්ඩාරවෙල පොලිස් වසම.
2025.02.02 වන දින උදෑසන කාලයේ බණ්ඩාර වෙල පොලිස් වසමේ ක්‍රේග්වත්තඉහල කොටස ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් තිබෙන කෝවිලක පිහිටි තොරණක් ඇඟ මතට කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බවට බණ්ඩාරවෙල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 66 ක් වූ ක්‍රේග්වත්ත ඉහල කොටස, බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු කෝවිලේ අලුත්වැඩියා කටයුතු සිදු කරමින් සිටින අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ පා ඇති බවට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. මෘත ශරීරය දියතලාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බණ්ඩාර වෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
02. අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - පොලිස් විශේෂ කාර්ය බලකා ගෝන හේන කඳවුර.
2025.02.02 වන දින සවස් කාලයේ කිරිඳිවැල පොලිස් වසමේ වතුරුගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 104 මිලිග්‍රෑම් 760 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන මුදල් රුපියල් 35000/= ක් සමග අත්අඩංගුවට ගෙන කිරිඳිවැල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35 ක් වන වතුරුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කිරිඳිවැල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
03. හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - කොළඹ අපරාධ කොට්ඨාසය.
2025.02.02 වන දින දහවල් කාලයේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ තමිල්නාඩු වත්ත ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 38 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 45 ක් වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
04. අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය.
2025.02.02 වන දින රාත්‍රී කාලයේ බ්ලූමැන්ඩල් පොලිස් වසමේ බ්ලුමැන්ඩල් ප්‍රදේශයේදී කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‌යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 270ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන බ්ලුමැන්ඩල් පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30 ක් වන කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
බ්ලුමැන්ඩල් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
05. අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - මෝදර පොලිස් ස්ථානය.
2025.02.02 වන දින රාත්‍රී කාලයේ මෝදර පොලිස් වසමේ ෆර්ගියුෂන් පාර ප්‍රදේශයේදී මෝදර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 800ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48 ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෝදර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
06. හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - ගල්කිස්ස පොලිස් ස්ථානය.
2025.02.02 වන දින උදෑසන කාලයේ ගල්කිස්ස පොලිස් වසමේ ජනතා මාවතප්‍රදේශයේදී ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 600 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43 ක් වන අත්තිඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
07. ගංජා හේන් වැටලීමක් - පොලිස් විශේෂ කාර්ය බලකා බුත්තල කඳවුර.
වැඩ බලන පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය සිදු කරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාලව දින 05 ක් පුරා ගෝනගංආර පොලිස් වසමේ යාල රක්ෂිතප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා බුත්තල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද වැටලීමකින් පසු අක්කර 03 ක පමණ භූමි ප්‍රදේශයක වගා කර තිබූ ගංජා හේනක් වටලා ගංජා ගස් 188100 ක් සමඟ වයස අවුරුදු 37 ක් වන ලුණුගම් වෙහෙර ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
තවද එම ප්‍රදේශයේම සැකකරුවන් නොමැති අක්කර 14 කට ආසන්න භූමි ප්‍රමාණයක වගා කර තිබූ ගංජා හේන් 10 ක් වටලා ගංජා ගස් ලක්ෂ නවයකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන විනාශ කර ඇති අතර නඩු භාණ්ඩ ලෙස ගංජා ගස් සාම්පල ගෝනගංආර පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
ගෝනගංආර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. (අදාල ඡායාරූප මේ සමග)
08. විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට-ගම්පහ කොට්ඨාස අපරාධ විර්මශන කාර්යංශය.
2025.02.02 වන දින උදෑසන කාලයේ යක්කල පොලිස් වසමේ හෙනරත්ගොඩ ප්‍රදේශයේදී ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් හා එම පතරොමක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන යක්කල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33ක් වන මුදුන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
යක්කල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
(අදාල ඡායාරූපයක් මේ සමග)
09. මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - ඉගිණියාගල පොලිස් ස්ථානය.
2025.02.02 වන දින දහවල් කාලයේ ඉගිණියාගල පොලිස් වසමේ දේවාල හිද ප්‍රදේශයේදී ඉගිණියාගල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 46 ක් වන අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඉගිණියාගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
(අදාල ඡායාරූපයක් මේ සමග)
10. මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - ගොඩකවෙල පොලිස් ස්ථානය.
2025.02.02 වන දින දහවල් කාලයේ ගොඩකවෙල පොලිස් වසමේ තිත්තවැල් පොත ප්‍රදේශයේදී ගොඩකවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22ක් වන තිත්ත වැල්පොත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ගොඩකවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
11.
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට- පනාමුර පොලිස් ස්ථානය.
2025.02.02 වන දින දහවල් කාලයේ පනාමුර පොලිස් වසමේ ඉහල බෝටිය වැව ප්‍රදේශයේදී පනාමුර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 53ක් වන පනාමුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පනාමුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
12. නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - බුලත්සිංහල පොලිස් ස්ථානය.
2025.02.02 වන දින සවස් කාලයේ බුලත්සිංහල පොලිස් වසමේ කඳන්වාඩිය ප්‍රදේශයේදී බුලත්සිංහල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර නීති විරෝධී මත්පැන් ලීටර් 101 ක් (බෝතල් 151) සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 50 ක් වන කඳන්වාඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
බුලත්සිංහල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
13. තීරු බදු රහිතව මේ රටට රැගෙන එන ලද සිගරට් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් අත්අඩංගුවට - පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන්තොටුපල ඒකකය.
2025.02.03 වන අද දින අළුයම් කාලයේ කටුනායක ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්‌යංශය ගුවන්තොටුපල ඒකකයේ නිලධාරීන් විසින් ඩුබායි සිට තිරුබදු රහිතව මේ රටට රැගෙන එන ලද සිගරට් 47000 (කාටුන් 235) ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 42 ක් වන හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකාරියකි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන්තොටුපල ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
මෙම වැටලීමට අදාල ඡායාරූපයක් මේ සමග ඔබ යොමු කරමි
14.
පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට - වැලිකන්ද පොලිස් ස්ථානය.
2025.02.02 වන දින රාත්‍රී කාලයේ වැලිකන්ද පොලිස් වසමේ නාගස්තැන්න ප්‍රදේශයේදී වැලිකන්ද පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මතවැටලීමක් සිදුකර පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු කැණීම් කිරීම් සඳහා යොදාගත් උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 47 හා 50 යන වයස්වල පසුවන වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
වැලිකන්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
15.
මාරක රිය අනතුරක් - තංගල්ල පොලිස් වසමි.
2025.02.02 වන දින උදෑසන කාලයේ තංගල්ල පොලිස් වසමේ කොළඹ වැල්ලවාය මාර්ගයේ පහජ්ජාව ප්‍රදේශයේදී මාතර දෙස සිට තිස්සමහාරාමය දෙසට ධාවනය වූ බස් රථයක් මගින් බැස්සවීම සඳහා නතර කර නැවත ඉදිරියට ධාවනය කිරීමේදී එම දිශාවටම ඊට පිටුපසින් පැමිණි ත්‍රිරෝද රථයක් බස් රථයේ පිටුපස ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් කල රියදුරු, පිටුපස අසුනේ ගමන් කල රියදුරුගේ බිරිඳ, දියණියන් දෙදෙනෙකු හා තවත් තරුණියක් තුවාල ලබා මාතර හා තංගල්ල රෝහල් වෙත ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මාතර රෝහලට ඇතුලත් කල රියදුරුගේ බිරිඳ මියගොස් ඇත.
මරණකාරිය වයස අවුරුදු 52 ක් වූ කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මෘත ශරීරය මාතර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
16. මාරක රිය අනතුරක් - අලව්ව පොලිස් වසමි.
2025.02.02 වන දින සවස් කාලයේ අලව්ව පොලිස් වසමේ අලව්ව නාරම්මල මාර්ගයේ ගනේන්කන්ද හන්දිය ප්‍රදේශයේදී අලව්ව දෙස සිට නාරම්මල දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගය හරහා ගමන් කල පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් පදික පුද්ගලයා, යතුරු පැදිකරු හා පසු පැදිකරු තුවාල ලබා අලව්ව රෝහලට ඇතුලත් කර පදික පුද්ගලයා වැඩිදුර ප්‍රථිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 75ක් වූ අලව්ව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අලව්ව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
17.
මාරක රිය අනතුරක් - හෝමාගම පොලිස් වසම්.
2025.02.02 වන දින රාත්‍රී කාලයේ හෝමාගම පොලිස් වසමේ හෝමාගම කොට්ටාව හයිලෙවල් මාර්ගයේ වලව්ව හන්දිය ප්‍රදේශයේදී හෝමාගම දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාර්ගය හරහා ගමන් කල පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ පදික පුද්ගලයා, හෝමාගම රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 72ක් වූ හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හෝමාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
18.
මාරක රිය අනතුරක් - අරණායක පොලිස් වසම.
2025.02.02 වන දින සවස් කාලයේ අරණායක පොලිස් වසමේ අඹදෙනිය වත්තගැවිලිපිටිය මාර්ගයේ ගෙවිලිපිටිය ප්‍රදේශයේදී ගාල්ලේකඩේ හන්දිය දෙස සිට කොට්ටුන්න දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බෑවුමකට පෙරලීමෙන් අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු අරණායක රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 69ක් වූ උස්සාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය මාවනැල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අරණායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
19.
මාරක රිය අනතුරක් - පමුණුගම පොලිස් වසම්.
2025.02.02 වන දින රාත්‍රී කාලයේ පමුණුගම පොලිස් වසමේ මීගමුව උස්වැටකෙයියාව මාර්ගයේ එපාමුල්ල ප්‍රදේශයේදී මීගමුව දෙස සිට උස්වැටකෙයියාව දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ යතුරු පැදිකරු හා පසුපැදිකරු පමුණුගම රෝහලට ඇතුලත් කිරීමේදී පැදිකරු මියගොස් ඇත. පසුපැදිකරු වැඩිදුර ප්‍රථිකාර සඳහා රාගම රෝහල වෙත මාරුකර යවා ඇත.
මරණකරු වයස අවුරුදු 22ක් වූ තුඩැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පමුණුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.



Comments
Post a Comment
Your comment will be visible after approval