
ශ්‍රී ලංකාව සමඟ පැවති දෙවන ටෙස්ට් තරගයෙන් පසු ඕස්ට්‍රේලියානු වම්අත් පන්දු යවන ක්‍රීඩක මැතිව් කුනමන්ගේ පන්දු යැවීමේ ක්‍රියාවලිය සැක සහිත බව තරග නිලධාරීන් විසින් වාර්තා කර ඇත.
ගාල්ලේ පැවති ටෙස්ට් තරග දෙකේදී කඩුලු 16ක් දවා ගනිමින් වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නා බවට පත්වූ කුනමන්, ඕස්ට්‍රේලියාව 2-0ක ජයග්‍රහණයක් ලබා ගැනීමට දායක විය.
පන්දුයැවීම සැක බවට පිළිගත් නිලධාරීන් පැමිණිලි කිරීම මත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නීතිරීති අනුව, කුනමන් තරග තහනමකට ලක්ව ඇති අතර දැන් සති තුනක කාලයක් තුළ අනිවාර්ය පරීක්ෂණයකට භාජනය විය යුතුය. මෙහිදී ජීව යාන්ත්‍රික විද්‍යාඥයෙකු විසින් ඔහුගේ පන්දු යැවීමේ ක්‍රියාවලිය විශ්ලේෂණය කර එහි ප්‍රතිඵල ICC වෙත වාර්තා කරනු ඇත. ICC නීති ප්‍රකාරව, පන්දු යවන්නෙකුට ඔහුගේ පන්දු යැවීමේ බාහුවේ උපරිම වශයෙන් අංශක 15ක නම්‍යතාවයක් පමණක් අවසර දී ඇත.
මේ ආකාර පරීක්ෂණයක් මින් ඉහත ශ්‍රී ලංකාවේ ප්‍රබල පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ටද සිදුකළේ දුස්රා පන්දු යැවීමක් ගැන පැමිණිලි කරමිනි.
නීති රීති අනුව කුනමන්ගේ පන්දු යැවීමේ ක්‍රියාවලිය නිරවද්‍ය බව තහවුරු වන තෙක් ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල පන්දු යැවීමට නොහැකි වනු ඇත.
කෙසේ නමුත්, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තරගාවලිය වන ෂෙෆීල්ඩ් ෂීල්ඩ් තරගවල ක්‍රීඩා කිරීමට ඔහුට අවස්ථාව ලැබෙනු ඇති බව විශ්වාස කෙරේ.
"ගාල්ලේ පැවති දෙවන ටෙස්ට් තරගයෙන් පසු තරග නිලධාරීන්ගේ මෙම යොමු කිරීම පිළිබඳව ඕස්ට්‍රේලියානු කණ්ඩායම දැනුවත් කර ඇති අතර, මෙම කරුණ නිරාකරණය කර ගැනීමට ඕස්ට්‍රෙලියානු ක්‍රිකට් පරිපාලනය සහය දෙනු ඇත" යැයි ක්‍රිකට් ඕස්ට්‍රේලියා ප්‍රකාශකයෙක් පැවසීය.
කුනමන් මැතිව් 2017 වසරේ සිය වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩා දිවිය ආරම්භ කළ දා සිට වෘත්තීය තරග 124ක් ක්‍රීඩා කර ඇති අතර, ඊට ටෙස්ට් තරග පහක් සහ එක්දින ජාත්‍යන්තර තරග හතරක් ඇතුළත් වේ. 2018 වසරේ සිට ඔහු බිග් බෑෂ් ලීග් තරග 55කට සහභාගී වී ඇත. මෙම වසර අටක වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩා දිවියේ ප්‍රථම වතාවට ඔහුගේ පන්දු යැවීමේ ක්‍රියාවලිය පිළිබඳව ප්‍රශ්න කර ඇත.
මෙම කරුණ විසඳෙන තෙක් ක්‍රිකට් ඕස්ට්‍රේලියා හෝ කුනමන් මැතිව් විසින් වැඩිදුර අදහස් දැක්වීමක් සිදු නොකරනු ඇතැයිද වාර්තා කර තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval