
බොලිවුඩ් නළු අභිෂේක් බච්චන් සහ නිළි අයිශ්වර්යා රායි යන දෙදෙනාම එක්ව ගුවන් තොටුපළෙන් පිටව යන අයුරු දැක්වෙන වීඩියෝවක් ඉන්දීය සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.
පසුගිය කාලයේ ආන්දෝලනයක් ඇති කළ දික්කසාදය පිළිබඳ කටකතා මධ්‍යයේ මෙම සිදුවීම සිදුව ඇති අතර පැවති කටකතා බොරු කර ඇත. ඔවුන්ගේ දියණිය ආරාධ්‍යා බච්චන් ද මෙම යුවළ සමඟ තිදෙනාම අලුත් අවුරුද්ද සැමරීමෙන් පසු නැවත පැමිණෙන අයුරු දැකගත හැකි විය.
තිදෙනාම පැපරාසීන්ට ඡායාරූප හා වීඩියෝ ගන්නට අවස්ථාව ලබාදුන් අතර සුබ නව වසරක් ප්‍රාර්ථනා කළහ. අභිෂේක් බච්චන් මුලින්ම තම බිරිඳ සහ දියණිය මෝටර් රථයේ වාඩි කරවා පසුව ඔහුද මෝටර් රථයේ වාඩි විය.
මෙම වීඩියෝවට රසික රසිකාවියන් සිය ප්‍රතිචාර දක්වා ඇති අතර ඇතැමෙකු ලිව්වේ, 'අවසානයේ එකට' යනුවෙනි. "අලුත් අවුරුද්දේ හොඳ දෙයක් සිදු වෙලා වගේ", "ආයෙත් ප්‍රතිසංවිධානය වෙලා වගේ" ප්‍රතිචාර අතර තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval