tiger-family

කොටි පවුලක් කැලෑවේ සැරිසරන අයුරු සංචාරකයින්ගේ නෙතට ගැටුණ අවස්ථාවක වීඩියෝවක් ඉන්දීය මාධ්‍ය තුළ පැතිර ඇත.


ඉන්දියාවේ අසාම්හි කාසිරංගා ජාතික උද්‍යානයේ ගත් බව සැලකෙන මෙම වීඩියෝවේ කොටි මවක් සිය පැටවුන් 5 දෙනෙකු සමග දක්නට ලැබේ. මෙතරම් විශාල කොටි පවුලක් දැකීමත් සමග සංචාරකයින්ගෙන් පිරි ජීප් රථ රැසක් එතැන නතර වී ඇත. කොටි පවුල නිර්භීතව ඇවිද යමින් කැලෑව දෙසට යන අතර, ජනකායක් දැක අපහසුතාවයට පත්ව සිටින බව පෙනේ.

රෝහිත් චෞධරි නම් පරිශීලකයා මෙම සිදුවීමේ වීඩියෝව පළ කරමින් ජාතික කොටි සංරක්ෂණ අධිකාරියේ (NTCA) ක්‍රියාකලාපය විවේචනය කර ඇත. ඔහු X හි @Rohitskaziranga ලෙස පළ කර ඇති පණිවිඩයක සඳහන් කරන්නේ NTCA මාර්ගෝපදේශ නිකුත් කරන නමුත් ඒවා ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වන බවයි.