
අධිවේගී මාර්ග ව්‍යාපෘතියට ඉඩම් පවරා දීමට අකමැතිවූ වැඩිහිටි පියෙකු නිසා ඉදිකිරීම් වෙනස් කර මාර්ගය මැද්දේ නිවස ඉතිරිකර ඉදිකිරීම් සිදුකරන්නට සිදුවූ පුවතක් චීනයෙන් වාර්තාවේ.
යුවාන් මිලියන 2.1ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි අටහමාරක්) වන්දි මුදල ප්‍රතික්ෂේප කළ චීන වැඩිහිටි පියෙකුගේ නිවස දෙපසින් මාර්ගය ඉදිකර ඇති අතර, ඔහු දැන් එම තීරණය ගැන පසුතැවිලි වන බව මාධ්‍ය වෙත පවසා තිබේ.
ජින්ක්සි නගරයේ පදිංචි හුවාං පිං නම් වූ මෙම පුද්ගලයා දැන් තම දෙමහල් නිවසේ ජීවත් වන්නේ ඉදිකිරීම් භූමියක් මැද්දෙහි ය. දිනපතා දූවිලි, ගොඩනැගිලි ශ්‍රමිකයන්ගේ ශබ්දය සහ බිත්ති කම්පනය වැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදුව ඇත.
"මට කලින් ඉදිරිපත් කළ වන්දි මුදල පිළිගෙන නිවස කඩා දැමීමට එකඟ වුණා නම් හොඳයි. දැන් හැඟෙන්නේ මම ලොකු ඔට්ටුවක් පැරදුණා වගේ," යැයි ඔහු පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වූ ඡායාරූප වල පෙන්නුම් කරන්නේ නිවසේ වහලය අධිවේගී මාර්ගයේ මං තීරු දෙකේ මට්ටමට ආසන්නව පිහිටා ඇති ආකාරයයි. මාර්ගය නිවස මගහැර යන අතර පසුව නැවත එක් වේ.
මෙම වැඩිහිටි පුද්ගලයා ජින්ක්සි දිස්ත්‍රික් පක්ෂ කමිටුවේ ලේකම්වරයා ලෙස කටයුතු කළ අයෙකි. ඔහු මින් පෙර සඳහන් කළේ තම 11 හැවිරිදි මුණුබුරා සමඟ ජීවත්වන හුවාං, රජයේ වන්දි මුදල ප්‍රමාණවත් නොවන බව පවසමින් ස්ථානය වෙනස් කිරීමට අකමැති වූ බවයි.
දිගු කාලයක සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු, බලධාරීන් විසින් අධිවේගී මාර්ග ඉදිකිරීම් කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා හුවාංගේ නිවස දෙපසින් මාර්ගය ඉදිකිරීමට සැලසුම් කර ඇත.
මෙම සිද්ධිය නිසා ප්‍රදේශවාසීන් ඡායාරූප ගැනීම සඳහා එම ස්ථානයට පැමිණ ඇති අතර, චීන ජනතාව හුවාං හඳුන්වන්නේ "ශක්තිමත් ඇණ ගෙයි හිමිකරු" ලෙසිනි. "ඇණ ගෙයක්" යනු දේපළ සංවර්ධනයට එරෙහිව සිටින පදිංචිකරුවන්ගේ නිවාස සඳහා චීනයේ භාවිතා කරන යෙදුමකි.
මෙවැනි නිවාස බොහෝ විට සුන්බුන් මැද හුදකලා වී පවතින අතර, සංවර්ධකයින් ඒවා වටා ගොඩනැගිලි ඉදිකරමින් ඉදිරියට යති.
2017 දී, ෂැංහයි නුවර පුළුල් මාර්ගයක රථවාහන ගමනාගමනයට බාධා කරමින් වසර 14ක් පමණ පැවති ප්‍රසිද්ධ "ඇණ ගෙයක්" ද අවසානයේ කඩා දමා තිබූ බවට වාර්තා පළ විය.
එහි පදිංචිකරුවන් 2003 සිට ලැබුණු සෑම වන්දි යෝජනාවක්ම ප්‍රතික්ෂේප කර ඇත්තේ වන්දි මුදල ප්‍රමාණවත් නොවන බව පවසමිනි. කෙසේ වෙතත්, අවසානයේ ඔවුන් කෝටි 11 ක වන්දි මුදලක් පිළිගෙන ස්ථානය හැර ගොස් ඇත.
මෙවැනි සිද්ධි චීනයේ නාගරික සංවර්ධනය සහ පුද්ගල දේපළ අයිතිය අතර ඇති ගැටුම් පෙන්නුම් කරන අතර, සංවර්ධන ව්‍යාපෘති සඳහා පුද්ගල නිවාස ඉවත් කිරීමේදී ඇතිවන සමාජ හා ආර්ථික බලපෑම් පිළිබඳව අවධානය යොමු කරයි.
![]() |
සිද්ධියට අදාළ 'ඇණ' නිවස |
![]() |
පෙර 2007 සිද්ධියකට අදාළ 'ඇණ' නිවස |
![]() |
පෙර 2012 සිද්ධියකට අදාළ 'ඇණ' නිවස |
0 Comments