
01.ටී 56 වර්ගයේ ගිනි අවියක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට - කොළඹ අපරාධ කොට්ඨාසය.
2025.01.11 වන දින වැල්ලම්පිටිය පොලිස් වසමේ මීතොටමුල්ල ප්‍රදේශයේදී වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පිස්තෝල වර්ගයේ ගිනි අවියක් එම ජීව පතරොම් 13 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන සැකකරුහට රැඳවුම් නියෝග ලබාගෙන වැල්ලම්පිටිය පොලිස්ථානය හා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදුකර ලදී.
ඒ අනුව ලද තොරතුරක් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2025.01.16 වන දින උදෑසන කාලයේ වැලිකන්ද පොලිස් වසමේ රුහුණුකෙත ප්‍රදේශයේ දී ටි 56 වර්ගයේ ගිනි අවියක්, එම පතරොම් ගැබ් 01 ක් සහ ටී 56 පතොරොම් 18 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 53 ක් වන රුහුණුකෙත , වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි සිවිල් ආරක්ෂක නිලධාරියෙකි.
සැකකරු විසින් මෙම ගිනි අවිය යොදාගෙන වෙනත් අපරාධ සිදුකර තිබේද යන්න සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
02.අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - පොලිස් විශේෂ කාර්ය බලකා රාජගිරිය කඳවුර.
2025.01.16 වන දින සවස් කාලයේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සුගතදාස ක්‍රීඩාංගණය අසලදී පොලිස් විශේෂ කාර්ය බලකා රාජගිරිය කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් ග්‍රෑම් 50 මිලිග්‍රෑම් 300ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28 ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
03.අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට - ගම්පහ පොලිස් ස්ථානය.
2025.01.16 වන දින දහවල් කාලයේ ගම්පහ පොලිස් වසමේ පල්ලියපාර,මිනිරුවන්ගම හා අකරවිට යන ප්‍රදේශවලදී ගම්පහ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරු මත වැටලීම් 03 ක් සිදුකර අයිස් ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 250 ක්, අයිස් ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 200 ක් සහ අයිස් ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 250 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 27,40 හා 42 ක් වන ගම්පහ, මිනිරුවන්ගම හා අකරවිට ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
ගම්පහ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
04.අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - තලංගම පොලිස් ස්ථානය.
2025.01.16 වන දින සවස් කාලයේ තලංගම පොලිස් වසමේ තලවතුගොඩ ප්‍රදේශයේදී තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 500ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23 ක් වන තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
තලංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
05.අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - මට්ටක්කුලිය පොලිස් ස්ථානය.
2025.01.16 වන දින දහවල් කාලයේ මට්ටක්කුලිය පොලිස් වසමේ කැලණිගඟ මෝල පාර ප්‍රදේශයේදී මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 100ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48 ක් වන මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
06.හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට - ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය.
2025.01.16 වන දින රාත්‍රී කාලයේ ගල්කිස්ස පොලිස් වසමේ සොයිසාපුර නිවාස සංකිර්ණය ආසන්නයේදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 200 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 46 ක් වන මාදිවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ගල්කිස්සපොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
07.ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට - ගල්කිස්ස පොලිස් වසම.
2024.01.16 වන දින සවස් කාලයේ ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේදී ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසක් වටලා ගණිකා නිවාසයක් කළමනාකරණය කිරීම සම්බන්ධව සැකකාරියක් සහ ගණිකා සේවයේ යෙදී සිටි සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 30 හා 47 වයස් වල පසු වන ගල්කිස්ස හා දොඩංගොඩ යන ප්‍රදේශවල පදිංචිකාරියන් වේ.
ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
08.මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට - සිදම්බරපුරම් පොලිස් වසම.
2024.01.16 වන දින දහවල් කාලයේ සිදම්බරපුරම් පොලිස් වසමේ 03 අළුත්ගම්මානය ප්‍රදේශයේදී සිදම්බරපුරම් පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28 ක් වූ සිදම්බරපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිදම්බරපුරම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
09.විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට - ගොඩකවෙල පොලිස් වසම.
2024.01.16 වන දින සවස් කාලයේ ගොඩකවෙල පොලිස් වසමේ පල්ලෙකන්ද ප්‍රදේශයේදී ගොඩකවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් හා එම පතොරොම් 03 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 47 ක් වූ පල්ලෙකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ගොඩකවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
10.දියේ ගිලී විදේශීය ජාතිකයෙකු අතුරුදහන්වීමක් - හික්කඩුව පොලිස් වසම
2025.01.16 වන දින සවස් කාලයේ හික්කඩුව මුහුදු තීරයේ දිය නෑමට ගිය විදේශීය ජාතිකයෙකු දිය වැලකට හසුව ගසාගෙන ගොස් අතුරුදහන්වී ඇති බවට හික්කඩුව පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
අතුරුදහන්වී ඇත්තේ වයස අවුරුදු 19 ක් වූ කැනඩා ජාතිකයෙකි.
මෙම විදේශිකයා දිය නෑමට ගිය ස්ථානයේ අනතුරු සංඥා ද යොදා තිබී ඇති අතර ඒ පිළිබඳ තැකීමක් නොකර මුහුදේ දිය නෑමට ගොස් ඇති බවට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වි ඇත.
පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්, නාවික හමුදා ජීවිතාරක්ෂක නිලධාරීන් එක්ව අතුරුදහන්වූ පුද්ගලයා සෙවීමේ කටයතු වල නිරතව සිටී. හික්කඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබයි.
11.දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියයාම- වැල්ලව පොලිස් වසම.
2025.01.16 වන දින රාත්‍රී කාලයේ වැල්ලව පොලිස් වසමේ මුත්තෙට්ටුගල පොලිස් වසමේ 63 සැතපුම් කණුව ආසන්නයේදී කොළඹ කොටුව සිට ගනේවත්ත දක්වා ධාවනයවූ දුම්රියේ ගැටී පුද්ගලයකු මියගොස් ඇති බවට ලද පණිවිඩයකට අනුව වැල්ලව පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 60 ක් වන මානෙල්ගම, තෝරයාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වැල්ලව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
12. මාරක රිය අනතුරක් - ගාලදිවුල්වැව පොලිස් වසම.
2025.01.16 වන දින සවස් කාලයේ ගාලදිවුල්වැව පොලිස් වසමේ රනෝරාව නොච්චියාගම මාර්ගයේ දොඹවලගම ප්‍රදේශයේදී ගාලදිවුල්වැව දෙස සිට නොච්චියාගම දෙසට ධාවනය වු බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරු පැදියේ පැදිකරු හා පසුපැදිකරු බරපතල තුවාල ලබා නොච්චියාගම රෝහලට ඇතුලත් කිරීමේදී දෙදෙනාම මියගොස් ඇත.
මරණකරුවන් වයස අවුරුදු 16 ක් වූ බී රනෝරාව, ගාලදිවුල්වැව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
මෘත ශරීර නොච්චියාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගාලදිවුල්වැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
13. මාරක රිය අනතුරක් - කොටදෙනියාව පොලිස් වසම.
2025.01.16 වන දින සවස් කාලයේ කොටදෙනියාව පොලිස් වසමේ මැල්ලවගෙදර පන්නල මාර්ගයේ ගැටුම ප්‍රදේශයේදී මැල්ලවගෙදර දෙස සිට පන්නල දෙසට ගමන් කල පා පැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වූ ලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත. අනතුරින් පාපැදිකරු බරපතල තුවාල ලබා සඳලංකා රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 74 ක් වූ පන්නල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය දඹදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කොටදෙනියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි
Comments
Post a Comment
Your comment will be visible after approval