
ඉන්දුනීසියාවේ නවතම නායකයා වන ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්තෝ සඳුදා දින නිල වශයෙන් සිය කැබිනට් මණ්ඩලය පත් කළේය.
කැබිනට් මණ්ඩලයේ අමාත්‍යාංශ 48ක් ඇති අතර එහි ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් 100ක සංඛ්‍යාවක් සිටිති.
ඒ අතර ශ්‍රී මුල්යානි ඉන්ද්‍රවතී මුදල් ඇමතිවරිය ලෙසත්, බහ්ලිල් ලහදාලියා බලශක්ති ඇමතිවරයා ලෙසත් නැවත පත්කර ඇත.
ගීනස් වාර්තා පොතට අනුව ලෝකයේ විශාලතම කැබිනට් මන්ඩලය පිහිටුවාගත්තේ ශ්‍රී ලංකාවේ ජනපති මහින්ද රාජපක්ෂ 2008 දීය. එහි කැබිනට් ඇමතිවරු 52 ක් ඇතුළු සියලු ඇමති ධූර ගණන 104 කි. ප්‍රබෝවෝ මහින්ද අභිබවා ගොස් නැති නමුත් ආසන්නව සමාන වාර්තාවකට හිමිකම් කියයි.
මහින්දට එතරම් ඇමති තනතුරු ලබාදෙන්නට සිදුවූයේ විවිධ ජන කන්ඩායම් හා පක්ෂ මාරු කරගෙන ආ විවිධ පක්ෂවල අය සතුටු කරන්නටය. ඒ ඔස්සේ ආණ්ඩු ස්ථාවර කරගන්නටය.ඉන්දුනීසියාවේ තත්වයද එයම බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රබෝවෝ අටවන ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ලෙස ඉරිදා දින දිවුරුම් දීමෙන් පසු සඳුදා මෙම පත්වීම් සිදු කලේය.
විශ්ලේෂකයන්ගේ අදහස වූයේ මෙම කණ්ඩායම තම පූර්වගාමියා ජොකෝගේ ප්‍රධාන ප්‍රතිපත්ති අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.
මන්ත්‍රීවරුන් අමතමින් කළ කතාවක දී ඔහු දූෂණය තුරන් කිරීමට සහ ආහාර හා බලශක්ති ස්වයංපෝෂණය ලඟා කර ගැනීමට පොරොන්දු විය.
ප්‍රබෝවෝගේ කැබිනට් මණ්ඩලය සමහර අංශවලින් හිටපු ජනපති ජොකෝවිගේ කැබිනට් මණ්ඩලයෙන් වෙනස් වේ. බොහෝ අංශ බෙදා ඇති අතර නන්නාඳුනන අයට ඇමති ධූර පිරිනමා ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval