
බ්‍රිතාන්‍ය රජ පවුලේ වේල්ස් කුමරිට කේට්, පිළිකා රෝගයෙන් පෙළෙන නමුත් ධනාත්මකව ඒ දෙස බලන නව යෞවනියක හමුවූ අයුරු ඡායාරූප කෙන්සිංටන් මාළිගාව ප්‍රසිද්ධ කර තිබේ.
විලියම් සහ කේට් 16 හැවිරිදි ලිස් හැටන් සමඟ වින්ඩ්සර් මාළිගාවේදී හමුවූ අයුරු දැක්වෙන රූප ඔස්සේ සමාජයට පණිවිඩයක් කියාපායි.
දුර්ලභ සහ උග්‍ර පිළිකා තත්ත්වයකින් පෙළෙන නව යෞවනිය වෙත මෙම කරුණාව පාන්නේ තවත් එවැනි පිළිකා තත්වයකින් පීඩා විඳි කේට් වීම විශේෂිතය.
මෙම වසරේ මුල් භාගයේදී පිළිකා රෝගය වැළඳී ඇති බව හඳුනාගැනීමෙන් පසු කෙමෝතෙරපි ප්‍රතිකාර අවසන් කළ බව මෑතකදී නිවේදනය කළ කේට්, හැරොගේට්හි 16 හැවිරිදි ලිස් හැටන් වැළඳගන්නා අයුරු ඡායාරූප ගත කර
සමාජ මාධ්‍යවලට යොමු කළ පුද්ගලික පණිවිඩයක් තුළින් විලියම් සහ කේට් මෙසේ පැවසූහ: "අද වින්ඩ්සර්හිදී ලිස් සමඟ හමුවීම සතුටකි. ඇගේ නිර්මාණශීලීත්වය සහ ශක්තිය අප දෙදෙනාම අභිප්‍රේරණය කළා.
ඔබේ කතාව අප සමඟ බෙදා ගැනීම ගැන ස්තූතියි. W&C."
නව යෞවනිය තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ මෙසේ ලියා තිබුණි: "ඉතා ලස්සන, අවංක සහ කාරුණික මිනිසුන්, මගේ පවුල සහ මම මෙම අත්දැකීම ලැබීම ගැන මම ඉතා සතුටට පත්වෙනවා."
ජනවාරි මාසයේදී මෙම නව යෞවනියට ඩෙස්මොප්ලාස්ටික් කුඩා වටකුරු සෛල පිළිකාවක් ඇති බව හඳුනාගන්නා ලදී.
ඇගේ මව වන වික්කි රොබොයිනා ජූනි මාසයේදී පැවසුවේ වෛද්‍යවරුන් තම දියණියට ජීවත් වීමට මාස හයක සිට වසර තුනක් දක්වා කාලයක් ඇති බව පවසා ඇති බවයි.

Comments
Post a Comment
Your comment will be visible after approval