
ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා හට සහාය පළ කිරීමට ඉලංගෛ තමිල් අරුසුකච්චි පක්ෂය තීරණය කර තිබෙයි.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (01) රැස්වූ අවස්ථාවේ එම තීරණය ගත් බව එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.
ඉලංගෙයි තමිල් අරසු කච්චි, ද්‍රවිඩ ජාතික සංවිධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂය ලෙස සැලකෙයි.
මේ අතර, ඉදිරි ජනාධිපතිවරණය සඳහා දෙමළ ජාතික පොදු අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාකියසෙල්වම් අරියනේත්‍රන්ට ඉදිරිපත් වූවද ඔහුට ඉන් ඉවත්වන ලෙස දන්වා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval