
සජබ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් මඩකලපුවේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් කතාව අතරතුරදී ගල් ප්‍රහාරයක් හා කලබලයක් ඇතිවී තිබෙයි.
හදිසියේ එල්ල වූ ගල් ප්‍රහාරය රවුෆ් හකීම් සබාව අමතමින් සිටියදී සිදුවූ අතර ඒ සමග ඔහුගේ ආරක්ෂකයින් සහ පාක්ෂිකයින් ආරක්ෂාව පතා ඔහු වටකර ගත්හ.
මේ අවස්ථාවේදී හකීම් කතාව ඉක්මනින් අවසන් කළේ රට තුළ සාමය ඇති කිරීමට නම් සියලු දෙනා සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය දිය යුතු බව කියමිනි.
පසුගිය 23 වැනිදා අකුරණ පැවැති රැස්වීමේදීද හකීම් මහතාට විරෝධය පළ කිරීමට හූ තැබීම් වාර්තාවීම විශේෂත්වයකි.
ගල් ප්‍රහාර අවස්ථාවට අදාළ වීඩියෝවක් පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval