
ජනසෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහ ඔහුගේ ආරක්ෂකයාට 15 දා රාත්‍රී අනුරාධපුර නව බස් නැවතුම්පොළේදී පිරිසක් පරුෂ වචනයෙන් බැණ වැදී පහරදීමට තැත් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උන්වහන්සේ 16 උදෑසන පැමිණිල්ලක් කළ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
ජනසෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමිට සහ ඔහුගේ ආරක්ෂකයාට
"හොර තට්ටයා තෝ ඡන්දෙ ඉල්ලන්නෙ ......... අමාරුවටද.." අසමින්
පරුෂ වචනයෙන් බැණ පහරදීමට තැත් කළ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය කළ විමර්ශනයෙන් පසු අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙයි.
15 දා අනුරාධපුර නගරයේ දී මෙම සිද්ධිය සිදුව ඇති අතර, ඒ සම්බන්ධයෙන් සීලරතන හිමි අනුරාධපුර පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා පණ්ඩුලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව වාර්තා විය.
ඔහු 16 දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval