
රුසියාවේ Kamchatka අර්ධද්වීපයේ Vachkazhets ගිනි කන්ද අසල කඳවුරකින් ගුවන්ගත වීමෙන් පසු සෙනසුරාදා මිනිසුන් 22 දෙනෙකු රැගෙන යමින් සිටි හෙලිකොප්ටර යානයක් අනතුරට පත්ව තිබේ.
කඩාවැටුණ යානයේ සුන්බුන් අතර ජීවතුන් අතර සිටින කිසිවෙකු හමු වූයේ නැත.මේ වන විට මළ සිරුරු 17 ක් සොයාගෙන ඇති බව බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන එම ප්‍රදේශය එහි ක්‍රියාකාරී ගිනි කඳු සඳහා ප්‍රසිද්ධය. කඩා වැටීමට හේතුව මීදුම හෝ වෙනත් හේතුවක්ද යන්න අපැහැදිලිය.
වැඩි දෙනෙක් සංචාරකයින් ගමන් කළ හෙලිකොප්ටර යානයේ මේ වන විට මළ සිරුරු 17 ක් සොයාගෙන ඇති අතර මියගිය අය ගැන විස්තර තවම ප්‍රසිද්ධ කර නැත.
සෙනසුරාදා රේඩාර් පද්ධතියෙන් අතුරුදහන් වූ Mi-8T හෙලිකොප්ටරයේ සංචාරකයින් 19 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය තිදෙනෙකු සිට ඇත.
ඉරිදා උදෑසන කඳුකර ප්‍රදේශයක සුන්බුන් සොයා ගත් බව Kamchatka ආණ්ඩුකාර ව්ලැඩිමීර් සොලොඩොව් ටෙලිග්‍රාම් වෙත පැවසීය.
රුසියාවේ හදිසි අවස්ථා අමාත්‍යාංශය විසින් පණිවිඩ යැවීමේ ටෙලිග්‍රාම් යෙදුමට පළ කරන ලද වීඩියෝ පටවලින් පෙන්නුම් කළේ හෙලිකොප්ටර් සුන්බුන් විශාල වනාන්තර කන්දක් ආසන්නයේ බෑවුමක් අසල වැටී ඇති බවයි. හෙලිකොප්ටරය රේඩාර් පද්ධතියෙන් ක්‍රියා විරහිත වූ ස්ථානය ආසන්නයේ සුන්බුන් සොයාගත් බව බලධාරීහු පවසති.
මෙම ගුවන් යානය සංචාරකයින් සඳහා ගුවන් ගමන් සංවිධානය කරන Kamchatka පදනම් කරගත් සමාගමක් වන Vityaz-Aero සතු විය.
සෝවියට් යුගයේ නිර්මාණය කරන ලද Mi-8 හෙලිකොප්ටරය තවමත් රුසියාවේ බහුලව භාවිතා වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval