
පසුගිය කාලය පුරා සතිපතා මාධ්‍ය ඇමතූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපතිවරණය කැඳවීමත් සමග අතුරුදන්ව සිටි අතර අසාමාන්‍ය නිහඬතාවක සිටියේය. ඔහුගේ නිහඬ බව බිඳිමින් අද (13) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් කර තිබුණී.
” ජනාධිපති ජන්දේ තියයි තියන දවසට ඉතින්. මහ මුහුද නිහඬ වුණාමත් ඒ නිහඬ වීම එක්ක විශාල සුළි එනවා කියනවා. ඒ නිසා මගේ නිහඬ වීමත් එහෙම තමයි. කිසිම කෙනෙක් එක්ක අමනාප නැහැ. මම තනි වෙලත් නැහැ. කිසි කෙනෙක් මට වරදක් කරලත් නැහැ. කා එක්කවත් මගේ තරහක් නැහැ” ඔහු අද කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන බවක් මුලින් කියා ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ජනපති මැතිවරණයට ඉදිරිපත් කර තිබුණත් ඔහුට ශ්‍රීලනිප සහයක් පෙන්නුම් නොකළ අතර ශ්‍රීලනිප බෙදීම හමුවේ විජයදාසට රැස්වීම් පවා සංවිධානයට එම පක්ෂයේ පිරිස් ඒක රාශී නොවීය.
මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුට සහය දෙන බව පැවසුවද ප්‍රායෝගිකව එය සිදු කළේ නැත.
Comments
Post a Comment
Your comment will be visible after approval