
ඇතිවී තිබෙන අර්බුදකාරී වාතාවරණය හමුවේ බංග්ලාදේශයේ ආර්ථිකය නැවතත් අසීරු තත්වයකට පත්ව තිබේ.
ඇතැම් කර්මාන්තශාලාවල සේවකයන් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීම සහ නොසන්සුන්තාව හේතුවෙන් බංග්ලාදේශයේ ඇඟලුම් ආයතන ඇතුළු කර්මාන්තශාලා 219ක් වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
වැඩි වැටුප්, ප්‍රසාද දීමනා සහ පැමිණීමේ දීමනා ඉහළ දමන ලෙස පාලනාධිකාරියට බල කරමින් සේවක සේවිකාවන් විසින් සිදු කරනු ලැබූ වැඩ වර්ජනය හා විරෝධතාව හේතුවෙන් ඇඟලුම් කර්මාන්තශාලා 86ක් දින නියමයකින් තොරව වසා දැමීමට පියවර ගෙන තිබූ බවත්, විරෝධතා වැළැක්වීම සඳහා තවත් කර්මාන්තශාලා 133ක සේවක සේවිකාවන්ට නිවාඩු ලබාදීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබූ බවත් එරට ‘නිව්ස් ඒජ්‘ පුවත් සේවය වාර්තා කළේය.
සේවක විරෝධතා උත්සන්න වූවද ඩකා නුවර අපනයන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්තශාලා 88ක නිෂ්පාදන කටයුතු සිදු කිරීමට එහි පාලනාධිකාරිය සමත්වූ බවත් වැඩිදුරටත් වාර්තා වේ. ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීම සඳහා කර්මාන්තශාලා ඉදිරිපිට අතිරේක පොලිස් කණ්ඩායම් යොදවා තිබූ බව ද වාර්තා වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval