
සිරස නාලිකාවේ පැවති සටන රූපවාහිනී සංවාද වැඩසටහනේදී හරින් ප්‍රනාන්දු, සුනිල් හඳුන්නෙත්ති හා අජිත් පී පෙරේරා අතර ඇතිවූ සාකච්ඡාවක කොටසක් පහතින්
හරින්
විසි දෙවැනිදා ඔබතුමාල ජයග්රහණයක කළා කියමුකො දවස් 50 ක්වත් භාරකාර ආණ්ඩුවක් තියෙන්න ඕනෑ ඔබතුමාල භාරකාර ආණ්ඩුවක් කරන්න කාත් එක්ක එකතුවෙන්ද?.
හඳුන්නෙත්ති
දැන් මේ දූෂිත චෝදනා තියෙන මේ පාර්ලිමේන්තුවෙ එක දවසක්වත් අපි භාරකාර ආණ්ඩුවක් පවත්වාගෙන යන්නේ නෑ අනුර කුමාර දිසානායක සහෝදරයා වැඩ බාර ගන්නවා. ජනාධිපති හැටියට දිවුරුම් දෙනවා. රටේ ව්යවස්ථාව අනුව අපි ව්යවස්ථා විෂය භාර අයගෙනුත් මේක පැහැදිලි කරගෙන තියෙනවා.
ඊට පස්සේ අපි පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. එතකොට මේ කැබිනට් මණ්ඩලය නෑ. අපි ළඟ තියෙන පාර්ලිමේන්තුව විසුරුවා හැරියට පස්සේ ජනාධිපතිවරණයෙන් පසු මහ මැතිවරණය දක්වා කාලයට අමාත්යාංශ ලේකම්වරු පත් කරන්න පුළුවන්
ජනාධිපතිවරයාට අමාත්යාංශ ලේකම්වරු පත් කරලා ඒ අමාත්යාංශ ලේකම්වරු මගින් මේ විසි පස් දෙනාගේ අමාත්යාංශ පවත්වාගෙන යනවා.
අජිත්
මං හිතන්නෙ කවුරුහරි ලණුවක් දීලා. පාර්ලිමේන්තුව විසුරුවූ පස්සේ පවතින කැබිනට්ටුව භාරකාර රජයක් වශයෙන් නීතිය අනුව ක්රියාත්මක වෙන්න ඕන. හඳුන්නෙත්ති මැතිතුමාට උපදෙස් දෙන නීතිඥ මහත්තයා ගැන පොඩ්ඩක් බලාගන්න තිබ්බ.
හඳුන්නෙත්ති
මේ හොරුත් එක්ක අනුර සහෝදරයා පොඩ්ඩක්වත් ඉන්නෙ නැහැ. භාරකාර ආණ්ඩුව අනිවාර්යයෙන්ම ජනාධිපතිට පත්කරන්න පුළුවන්.
Comments
Post a Comment
Your comment will be visible after approval