
2024 ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෙක් ලෙස තමා ද ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ අද (25) ප්‍රකාශ කළේය.
කොළඹ 07, Arcade Independence Square හිදී විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රටේ දේශපාලකයින් නිසා මෙතෙක් සිදුවූ පරිහානිය ගැන දීර්ඝ විස්තරයක් සිදු කිරීමෙන් අනතුරුවය.
ඔහු කවර පක්ෂයක් නියෝජනය කරන්නේද යන්න දන්වා සිටියේ නැත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශවයේ සහය මේවනවිටත් ඔහුට ලැබී ඇති නමුත් පක්ෂය තුළ අවසන් නිගමනයක් ලැබී නැත.
Comments
Post a Comment
Your comment will be visible after approval