
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පල්ලෙකැලේදී අද පැවති පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පැරදුණි. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව කළ ආරාධනයට මුලින් පහරදුන් ඉන්දීය පිල ලබාගත් ලකුණු 213 (කඩුළු 7) ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ඕවර 19.2 කදී සියල්ලන් දැවී 170 ක් පමණක් රැස් කර පරාජය විය.
කෙසේ වෙතත් අද තරගයේදී මතීෂ ලබාගත් කඩුළු 4 ත් පැතුම් නිශ්ශංකගේ ලකුණු 79 කුසල් මෙන්ඩිස්ගේ ලකුණු 45 ත් ශ්‍රී ලංකාවට තරගයක් දෙන්නට අවශ්‍ය උවමනාව පෙන්නුම් කර තිබුණි.



Comments
Post a Comment
Your comment will be visible after approval