
සමගි ජන බලවේගයේ නායක,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණය සදහා අද (31) පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කළේය. විපක්ෂ නායකවරයා වෙනුවෙන් සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ මෙලෙස ඇප තැන්පත් කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන මහාචාර්ය ජී. එල් . පීරිස්, මුජිබර් රහුමාන්, මහාචාර්ය චරිත හේරත්, එස්. එම් . මරික්කාර් ඇතුලු පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටි බව වාර්තා වෙයි.
2024 ජනාධිපතිවරණය එළැඹෙන සැප්තැම්බර් 21වැනිදා පැවැත්වීමට නියමිත වන අතර රනිල් වික්‍රමසිංහ, ස්වාධීනව තරග කිරීමට සරත් කීර්තිරත්න, අභිනව නිවහල් පෙරමුණෙන් ඕෂල හේරත්, ශ්‍රී ලංකා කම්කරු පක්ෂයෙන් ඒ.එස්.පී. ලියනගේ මේ වනවිට ඇප මුදල් තැන්පත්කර තිබෙන අනිත් අයයි.

Comments
Post a Comment
Your comment will be visible after approval