
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෙනම අපේක්ෂකයෙකු අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා බලයට ගෙනාවේ එදා තිබූ ප්‍රශ්න විසඳීමට බව කී ඔහු
රනිල් වික්‍රමසිංහ නැති වුණත් රෝහිත අබේගුණවර්ධන ඒ වැඩේ කරනවා,
ෂෙහාන් ඒ වැඩේ හොඳට කරයි කියලා අපි දන්නවා .. ඔහු පැවසීය.
ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අගලවත්ත ආසනයේ සමුළුව අමතමිනි.
පෝලිම නවත්තපු පලියට, කිරි පැකට් එක අඩු කරපු පලියට, එක එකා මරපු අයට නායකයන් පත් කරන්න බැරි බවද ඔහු සඳහන් කළේය.
නාමල් ගේන්න හදනකොට කියනවා තාම පොඩියි කියලා.
ඔහු තරුණ වියේදී කොහේ සිටිනවාදැයි මම දන්නේ නැහැ යැයි තිස්ස තුට්ටිආරච්චි පැවසීය.
අනුර කුමාරට ආර්ථික ප්‍රතිපත්තියක් නැති බවද ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෙනම අපේක්ෂකයෙකු අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන බව නැවත ඔහු අවධාරණය කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval