
නිදහස් මැතිවරණයකට බාධාකාරී වූ දේශපාලන මැදිහත්වීමෙන් කෙරුණු උත්සව සහ වැඩසටහන් – තිහකට ආසන්න ප්‍රමාණයක් කොමිසමේ නියෝගයෙන් නතර කෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවැසීය. කොමිසමට ලැබුණු පැමිණිලි අනුව,
දේශපාලන මැදිහත්වීමෙන් ඡන්ද දායකයන්ට භාණ්ඩ බෙදාදීම් සහ පත්වීම් ලබාදීම් ඇතුළු වැඩසටහන් කිහිපයක් මෙසේ නතර කෙරුණු බව ද ඔහු සදහන් කළේය.පළාත් පාලන මැතිවරණ තවමත් ක්‍රියාත්මක වෙමින් පැවැතීම සහ ජනාධිපතිවරණය පැවැත්වීමේ දිනය ආසන්නවීම යන කරුණු සැලකිල්ලට ගෙන කොමිෂන් සභාව මෙම පියවර ගෙන ඇත.
නිදහස් මැතිවරණයකට බාධාවන සිද්ධීන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මේ දිනවල දැඩි විමසිල්ලෙන් මේ පසුවන බව පැවැසූ කොමිසමේ සභාපතිවරයා,
ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් දැඩිව ක්‍රියාත්මක වීමට නිලධාරී කණ්ඩායම් සූදානමින් තබන බව ද ප්‍රකාශ කළේය.මේ අතර නිදහස් හා සාධාරණ මැතිවරණයකට බාධාවන සිද්ධීන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට දැන් දැන් පැමිණිලි ගලා එමින් තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.මේ අතර ඡන්ද අල්ලස් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ද මේ දිනවල විමසිල්ලෙන් පසුවන බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය.
(සුජිත් හේවාජුලිගේ)
Comments
Post a Comment
Your comment will be visible after approval