
නේපාලයේ සිදුවූ නායයාමේ සිදුවීමක් නිසා බස් රථ දෙකක ගමන් කළ මගීන්ගේ ජීවිත ගැන අවදානමක් මතුව තිබේ.තොරතුරුවලට අනුව සිකුරාදා අලුයම 3.30 ට පමණ මෙම සිදුවීම සිදුව ඇත.
මධ්‍යම නේපාලයේ මදාන්-අශ්‍රිත් අධිවේගී මාර්ගයේ ත්‍රිෂුලි ගඟට අද උදෑසන සිදුවූ දැවැන්ත නායයාමකින් මගීන් 63 දෙනෙකු රැගත් බස් රථ දෙකක් ගසාගෙන ගොස් තිබේ.
සිද්ධිය වූ ස්ථානයේ නිලධාරීන්ට අනුව, බස් රථය ත්‍රිශූලි ගඟට ගසාගෙන ගොස් ඇති අතර එය සෝදිසි කිරීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුම්වලට අපහසු ස්ථානයක් ලෙස නම් කර ඇත.
සිද්ධිය වූ ස්ථානයේ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මකයි. නොනවතින වර්ෂාව අතුරුදහන් වූ බස් රථ සෙවීමේ උත්සාහයට බාධා කර ඇති බව චිත්වාන් හි ප්‍රධාන දිස්ත්‍රික් නිලධාරි ඉන්ද්‍රදේව් යාදව් ANI වෙත කීය.
ANI පුවත් සේවයට අනුව, කත්මණ්ඩු බලා ධාවනය වූ බස් රථයේ පුද්ගලයින් 24 දෙනෙකු සිට ඇති අතර තවත් බස් රථයක පුද්ගලයින් 41 දෙනෙකු ගමන් කරමින් සිට ඇත..
මේ අතර, කාලගුණය අයහපත්ව පවතින බැවින් කත්මන්ඩු සිට චිට්වාන්හි භාරත්පූර් දක්වා සියලු ගුවන් ගමන් අද දිනය සඳහා අවලංගු කර ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval