
තමන්ට කිසිදු දැනුම්දීමකින් තොරව හෝමාගම ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමක් සංවිධානය කර ඇති බවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව හෝමාගම පොලීසියට පැමිණිල්ලක් කර ඇති බවට වාර්තා වෙයි.
එම පැමිණිල්ලේ දක්වා ඇත්තේ නාමල් රාජපක්ෂ මහතා විසින් පක්ෂ විනය කඩකර ඇති බවයි.
මෙහිදී පොලිසිය පවසා ඇත්තේ එවැනි කරුණු සදහා පොලීසියට ක්‍රියාත්මක විය නොහැකි බවයි.
මේ පිළිබදව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාගෙන් කළ විමසීමකට ඔහු පවසා ඇත්තේ හිටපු පළාත් සභා මන්ත්‍රී ජනක වැලිවත්ත මහතාගේ ආරාධනය පරිදි ඔහුගේ නිවසට පැමිණි බවයි.
ඒ අනුව එහි තේ පැන් සංග්‍රහයකටද සහභාගී වූ බවත් පාක්ෂිකයින් රැසක් තමා හමුවීමට පැමිණි බවත් නාමල් රාජපක්ෂ මහතා පවසා ඇත.
මේ අතර බන්දුල ගුණවර්ධන මහතාද පසුගිය කාලයේදීම නෙළුම් මාවතේ පක්ෂ කාර්යාලයට හෝ පැමිණ නොමැති බව දේශපාලන ආරංචි මාර්ග පවසන අතර ඔහු දිටම රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් වැඩ කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval