
බුල්නෑව නගරයේදී පැවති ජාතික ජන බලවේගයේ බුල්නෑව ගොවි රැලියට එක්වෙමින් අනුර කුමාර දිසානායක කළ කතාවෙන් කොටසක් මෙසේය.
"එස්. එම්. චන්ද්රසේන මහින්ද රාජපක්ෂගෙ මිනිහෙක් මහින්ද නැතිව ජීවිතයක් නැතෙයි හිතුව කෙනෙක්. අද කියනවා එයා රනිල්ටලු.දුමින්ද දිසානායකලා හිටපු ශ්රී ලංකා අය දැන් රනිල්ටලු.
සේමසිංහ? මහින්ද රාජපක්ෂ ජාතියේ පියා කිය කිය හිටපු කෙනා
මහින්ද මොන මිනිහද රනිල්නෙ මිනිහ කියල දැන් කියනවා.
මොකක්ද මේ වෙලා තියෙන්නෙ. ඒ ගොල්ලො බලය වෙනුවෙන් වරප්රසාද වෙනුවෙන් ඇමතිකම් වෙනුවෙන් ඕන තරම් බඩ පිනුම් ගහනවා. එහෙට මෙහෙට.
ඔය දැන් සජිත් ප්රේමදාස 8 වනදා හදන සන්ධානය. ඔය සන්ධානය හදන්න යන මන්ත්රීවරු ගොඩක් ඊට කලින්ම
අපිත් එක්ක එකතුවෙන්න ගොඩක් අවස්ථාවල උත්සාහ කරා. ඔය අයගෙ පැටිකිරිය ඒ තරම් හොඳ නෑ.
අනේ අපිට නම් බෑ.
ඒත් සජිත් ප්රේමදාස ඉඹලා ගන්නෙ.
අපි කිව්වා එළියේ ඉඳගෙන ඕනනං අපිට සපෝර්ට් කරන්න හැබැයි ඇතුළට ගන් නැහැ කියලා
මේ රට විනාශ කරන්න වැරදි තීන්දුවලට අතහිත දුන් පාර්ලිමේන්තුවේ ඉන්න කිසිවෙක් ජාතික ජන බලවේගය වේදිකාවෙ නැහැ.
ජී එල් පීරිස් බලන්න එයා කවුද පොහොට්ටුවේ සභාපති.නීති විශාරදයෙක් ඒත්
18 සංශෝධනයට අත ඉස්සුවා. ඒක අහෝසි කරලා 19 ගෙනාවාම ඒකට අත ඉස්සුවා ඊට පස්සෙ ඒක අහෝසි කරල 20 ට අත ඉස්සුවා.
නීති විශාරද වුනාට අත උස්සලා දෙපැත්තටම.
ඒ නිසා.හොරු එපා.
මතක තබා ගන්න හැම කෙනාගෙම පැටිකිරියත් අපි දන්නවා.
සජිත් ප්රේමදාසගේ ආර්ථිකය හසුරුවන ප්රධාන කෙනෙක් නාලක ගොඩහේවා අපිටනම් එයා කොටස් වෙළඳපලේ සල්ලි නැති කරපු නාලක ගොඩහේවා.
සජිත් ප්රේමදාස ආර්ථික විශේෂඥ නාලක ගොඩහේවා ගෙන්නගෙන.
අර ගිනි ගත්තු නැවේ අවශ්ය වන්දිය අහිමි කරපු කෙනා තමයි නාලක ගොඩහේවා.
මේ අය සමග අපට ගමනක් නැහැ. අපි අලුත් ගමනක් පටන් ගමු."
Comments
Post a Comment
Your comment will be visible after approval