
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවති තරගය ලකුණු 83කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.මෙම තරගය ජයග්‍රහණයකින් නිමා කළද, ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන බලපොරොත්තුව අත් හැර දමා නැවත ශ්‍රී ලංකාවට පැමිණිය යුතුව ඇති අතර මෙවර තරගාවලියට එක්වී ශ්‍රී ලංකාව ලද එකම ජයග්‍රහණය මෙය විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 201ක් රැස්කරගැනීමට සමත් විය.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 4කදී සියලුම දෙනා දැවී රැස්කරගැනීමට හැකිවුයේ ලකුණු 118ක් පමණි.
ඒ අනුව මෙය මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ අවසාන තරගය මෙය වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 08 දෙනාගේ වටයෙන් නිල වශයෙන් මේ වනවිට ඉවත්ව ඇත.


Comments
Post a Comment
Your comment will be visible after approval