
ඊයේ (02) ගම්පහ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා මෙසේ කියා තිබේ.
“අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ජනාධිපතිවරයා හැටියට පත් කළේ පැහැදිලිවම ඊළඟ මැතිවරණය දක්වා පමණයි. ඒක එතුමාත් දන්නවා, අපිත් දන්නවා. ඒ වගේම තමයි ඉදිරි මැතිවරණවලට අපි ක්‍රියාත්මක වීම සම්බන්ධව අපි අපේ පාක්ෂිකයො එක්කත් පක්ෂය එක්කත් තව සාකච්ඡා කළ යුතුයි. දැන් ඉන්න ජනාධිපතිවරයා ඉල්ලනවාද නැද්ද කියන්න එපැයි ඉස්සෙල්ලා. එතුමා ධුරයේ ඉන්න කාලෙ අපි එතුමාව දාන්නෙ නෑ කිව්වොත් මොකක්ද වෙන්නෙ ? ආණ්ඩුව කඩන් වැටෙනවානෙ … මගේ වගකීම සූට් මහගෙන ඉන්න හැමෝටම සූට් එක අඳින්න පුළුවන් වෙන්න මම පක්ෂය හදලා දෙන්නම්, හොඳ කෙනෙක්ට සූට් එක අන්දමු අපි”
Comments
Post a Comment
Your comment will be visible after approval