
ඉන්දියාවේ මේඝාලයා ප්‍රාන්තයේ අනියම් පෙම් සබඳතාවක් පැවැත්වූ බවට සැකකරන කාන්තාවකට ප්‍රසිද්ධ ස්ථානයකදී පිරිසක් පහරදෙන සිදුවීමක් වාර්තාවේ.
පිරිස එක්වී ඇයට බැණවදිමින් පොලුවලින් පහර දෙන අතර සිද්ධිය වීඩියෝ ගත කර තිබේ. ඊට අදාළ වීඩියෝ සමාජ මාධ්‍ය ජාලා තුළ ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතී. මෙම සිදුවීම සිදුව ඇත්තේ මේඝාලයාවේ බටහිර ගැරෝ හිල්ස් දිස්ත්‍රික්කයේ ඩැඩෙන්ග්‍රී ප්‍රදේශයේය.
ප්‍රසිද්ධියේ කාන්තාවකට අමානුෂික ලෙස පහර දෙමින් රැස්ව සිටි පිරිස විනෝද වනවා මිස කිසිවෙකු එරෙහිවන අයුරක් වීඩියෝවෙන් හඳුනාගන්නට නොලැබේ. මෙම වීඩියෝ සාක්ෂි
මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ අරඹා ඇති අතර පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට
ගෙන ඇත.
මේ අතර, කාන්තා සවිබල ගැන්වීම සඳහා වූ මේඝාලයා ව්‍යවස්ථාදායක කමිටුවේ සභාපතිනි සැන්ටා
මේරි ෂයිලා සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් වාර්තාවක් ඉල්ලා ඇත. කාන්තාවන්ට එරෙහි අපරාධ
සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස ඇය මේඝාලයාවේ පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා තිබෙන බවද ඉන්දීය වාර්තා සඳහන් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval