wimal-new-party

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් රණසිංහ හා දෙරණ අධිපති දිලිත් ජයවීර මූලික වී නව දේශපාලන සන්ධානයක් ආරම්භ කිරීම පිළිබඳ මූලික සාකච්ඡා පවත්වා ඇති බව ඉරිදා පුවත්පත් වාර්තා කර තිබේ.


මේ සඳහා  ඩලස් අලහප්පෙරුම හා දයාසිරි ජයසේකර යන මන්ත්‍රිවරුද එක්කරගන්නට සාකච්ඡා පවතින අතර ඉදිරි මැතිවරණ ඉලක්ක කරමින් ශ්‍රී ලංකාවේ ලොකුම හා ශක්තිමත්ම සන්ධානය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කරගනිමින් ආරම්භ කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාද පවසා ඇත්තේ මේ ගැනදැයි සැක මතුවේ.

උත්තර ලංකා සභාගයේ පිරිසක්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රි පිරිසක් ද  ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය,

විජයධරණී ජාතික සභාව, පිවිතුරු හෙළ උරුමය මීට එක්වනු ඇත.

 සන්ධානය ගොඩනැඟීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඉදිරි සතියේ කොළඹදී පැවැත්වෙන අතර ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයා තවම තීන්දු කර නැත.
මේ අතර මහින්ද අමරවීර අද ප්‍රකාශ කර තිබුනේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ ගණනාවක් මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ ගණනාවක් දැනටමත් තමන් තනන්නට යන සන්ධානයකට සහයෝගය පළ කර ඇති බවත් අම්බලන්තොට රැලියට ජුනි 8 වැනිදා ඔවුන්  සහභාගී වීමට නියමිත බවත්ය.